A+ R A-

ජනගහනය දෙකෝටි දෙලක්ෂය ඉක්මවයි

E-mail Print PDF

පසුගිය පෙබරවාරි-මාර්තු කාලයේ පැවති ජන හා නිවාස සංගණනයේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙරට ජනගහනය දෙකෝටි දෙලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

එහෙත් පසුගිය සංඛ්‍යාලේඛන හා සැසඳීමේදී ජනගහන වර්ධන වේගයෙහි කැ‍පීපෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

1981න් පසුව සම්පුර්ණ දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් පැවැත්වූයේ මෙවර බවද එම දෙපාර්තමේන්තුව පවසා තිබිණි. 1981 සංඛ්‍යාලේඛන අනුව මෙරට ජනගහනය එක්කෝටි හතලිස් අටලක්ෂයක් විය. ඉන් අනතුරුව 2001 වසරේදීද ජන හා නිවාස සංගණනයක් පැවැත්වූ නමුදු යුදමය වටපිටාව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත් එයට අයත් නොවූ අතර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් ඒ වනවිට මෙරට ජනගහනය එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් බව නිවේදනය කෙරිණි.

මෙවර සංගණනයේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා සිය සංචාරය නිමවා නැවත ශ්‍රී ලංකාවට පැමි‍ණීමෙන් පසුව නිල වශයෙන් භාරදීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

This content has been locked. You can no longer post any comment.