ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ සතිෂ් පෙරේරා මහතා අද (23 සඳුදා) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
1969 මැයි මස 29 වැනිදා උපත ලැබූ ඔහු ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරා මහතාගේ ප්‍රත්‍රයෙකු වේ. සතිෂ් පෙරේරා මහතා මියයන විට 42හැවිරිදි වියේ පසුවිය.
ඔහු මසකට ආසන්න කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවිය.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බව පවුලේ ඥාතීහූ පවසති.








Comments