එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට එරෙහිව පවතින විනය පරීක්ෂණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඒ මහතාට සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත අද (01) සවස පැමිණෙන ලෙස එම පක්ෂය දැනුම් දී ඇත.
නීතිඥ එල්මෝ ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුව හමුවේ බුද්ධික පතිරණ මහතා පෙනී සිටීමට නියමිතය. කෙසේ වෙතත් බුද්ධික පතිරණ මහතාට විනය පරීක්ෂණ මණ්ඩලය මගින් චෝදනා පත්‍රයක් භාරදී නැත.
මීට අමතරව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය ලබන 13 දා පැවැත්වීමට නියමිතය.








