A+ R A-

ඉරානය ඇමරිකානු යානයක් බිම හෙළයි

E-mail Print PDF

 

ඉරාන ගුවන් සීමාවට ඇතුළු වූ ඇමරිකානු ඔත්තු බලන ගුවන් යානයක් ‍බිම හෙළූ බව ඉරාන පුවත් ඒජන්සිය පවසයි.

නියමුවන් රහිත RQ-170 නවීන ගුවන් යානයක් මෙලෙස ඉරාන හමුදාවන්ගේ ප්‍රහාරයට ලක්ව තිබේ. එයට අවම වශයෙන් හානි වී ඇති බවත් දැනට එම යානාව ඉරාන හමුදාවන් භාරයේ පවතින බවත් ඉරාන නිලධාරියෙකු විසින් සඳහන් කර තිබේ. සිය රටේ නැගෙනහිර සීමාව උල්ලංඝනය කරමින් පැමිණි මෙම යානයට අනතුරු හැඟවීම් කළද ඒවා නොතකා හැරීම හේතුවෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එහෙත් එක්සත් ජනපද ගුවන් හමුදාව මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත. 

This content has been locked. You can no longer post any comment.