A+ R A-

පුවත්

 

altප්‍රධාන පෙළේ ජාතික පාසල් 9ක විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ කල්කිරියාව සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

altජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) හිටපු සභාපතිවරයෙකු ආයතනයට අයත් නොවන පර්යේෂණ යාත‍්‍රාවක් සෑදීම සඳහා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව, රුපියල් මිලියන 12කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් එම ආයතනය විමර්ශනයක් සිදු කර ඇත.

altඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී එරට වාමාංශික පක්ෂ හා වෘත්තිය සමිති එක්ව මැයි දින පෙළපාලියක් සංවිධානය කරන ලද අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඕස්ට්‍රේලියානු ශාඛාවේ සාමාජිකයෝද ඊට සහභාගි වූහ.

 

altබලංගොඩ ඵෙතිහාසික කුරගල පුරාවිද්‍යා කැණීම් වලදී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත්විය හැකි මිනිස් සිරුරක අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ව කොටස් හඳුනාගැනීමේ නිලධාරි ජූඩ් පෙරේරා මහතා පවසන්නේ මේව ස්ථිරවම ප්‍රාග් ඵෙතිහාසික යුගයේ මානවයකුගේ අස්ථිකොටසක් බවයි. පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිමල් පෙරේරා මහතා සඳහන් කරන්නේ මේ අස්ථි කොටස් වසර 20,000කට වඩා පැරණි බවට සාධක හමුවී ඇති බවයි.

මීට ඉහතදී කරන ලද කැණීම් වලදී කුරගලින් ගල් ආයුධ, මුහුදු සිප්පිකටු ආදිය ද හමුවී ඇත.

altයාපනයේ දේශපාලන ක්‍රියාකාරිකයකු වන සී.වී.කේ. සිවඥානම් මහතාගේ නිවසට ඊයේ රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

altපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද දැවැන්ත පාගමනක් හා උද්ඝෝෂණයක් අද (08)ගලහ මංසන්දිය අසළ දී පවත්වා ඇත. මෙම දැවැන්ත උද්ඝෝෂණය අධ්‍යාපන පෞද්ගලිකරණය කිරීමට සහ විකිණීමට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද්දකි.

 

altශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ රූපවාහිනී අයිතිය වසර 7ක කාලයක් සඳහා ටෙන් ස්පෝර්ට් වෙත විකිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

 

altපේරාදෙණිය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ වයස අවුරුදු 17වන පාසල් ශිෂ්‍යාවකි.

ඇයගේ එම මරණය සම්බන්ධයෙන් කිසිවෙකු වගකිවයුතු නැතැයි ලිපියක් ලියා මෙලෙස සියදිවි හානි කරගෙන ඇතැයි කරන ලද පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

මේ වනවිට එම මළ සිරුර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (08) සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

altඩිප්ලෝමා පුහුණුව සඳහා නවක සිසුන් බඳවා ගන්නා ලෙසත් උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලෙසත් ඇතුළු ඉල්ලීම් අටක් මුල් කර ගනිමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. අද සිට අඛණ්ඩව මෙම වැඩ වර්ජනය දියත් කරන බව එම සංගමය පවසයි.  

 

altඅසාද් සාලි මහතා කවර හෝ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ විසින් ඊයේ හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කරනු ලැබුවාය.

altපසුගිය මාස තුනක කාලය තුළ ඩෙංගු රෝගීන් 36 දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම කාලය තුළ ඩෙංගු රෝගීන් 11,000ක් වාර්තා විය. ‍

altසිය පන්තියේම සිසුවකුට පිහියෙන් ඇන ඝාතනය කළ බවට සැක පිට තවත් සිසුවකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

altවිදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 32ක් හා විරුද්ධව ඡන්ද 136ක් ප්‍රකාශ විය. මේ අනුව එම යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජය විය.

Page 9 of 97