අද (24) අළුයම සබරගමුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට මුරකුටිය අසලට පැමිණි ආයුධ සන්නද්ධ මැර කණ්ඩායමක් අහසට වෙඩි තබා පලාගොස් ඇති බව වාර්තාවේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පසුගිය මැයි 21 වන දින සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවන අතර සිසුන් පවසන්නේ මෙම ක්‍රියාව සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමේ අරමුණින් බිය වැද්දීම සදහා සිදුකරන ලද්දක් බවයි.






ඇමරිකා එක්සත් ජනපදය විසින් රදවා තබාගෙන සිටින කියුබානුවන් 5 දෙනා නිදහස් කර ගැනීමේ සටන සමස්ත මානව සමාජයට විමුක්තිය දිනා ගැනීමේ සටනේම කොටසක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශ්වාස කරන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (23) කියුබානු තානාපතිවරියගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල සේවා සහ ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. කියුබානුවන් 5 දෙනා වහා නිදහස් කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයට බල කරමින් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
ගව ඝාතනයට විරෝධය පළ කරමින් මහනුවර දළදා මාළිගාවේ වාහල්කඩ ඉදිරිපිට හිමි නමක් සිරුරට ගිනි තබා ගැනීම නිසා බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාගෙන් ත්‍රස්ත විමර්ශණ ඒකකය ඊයේ (23) සහ පෙරේදා (22) දිනයේදී ප්‍රශ්න කර තිබේ. ඔහුගෙන් දින දෙකේදීම පැය 3 බැගින් ප්‍රශ්න කර තිබේ. එහිදී පක්ෂයේ කටයුතු සහ පක්ෂයට මුදල් ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ බව ඔහු පවසයි.
වගා කටයුතු සදහා පොහොර නොමැති වීම හේතුවෙන් අම්පාරේ වී ගොවීහු දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තාවේ. මෙම කන්නය සදහා අවශ්‍ය මඩ පොහොර මෙතෙක් නොලැබීම හේතුවෙන් ඔවුහු බීජ වැපිරීමට නොහැකිව දැඩි අර්බුදයකට පත්ව සිටින බව ගොවි සංවිධාන පවසති.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි සුඛෝපභෝගී දුම්රිය වශයෙන් කොළඹ සහ මහනුවර අතර නගරාන්තර දුම්රියක් ලබන 27 වනදා සිට ධාවනයට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එය එදින පෙ.ව. 5.45ට පමණ මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹීමට නියමිතය.
පින්නවල අලි අනාථාගාරයේ තවත් අලියකු පෙරේදා (22දා) කඩුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකින් පැමිණි පිරිසක් විසින් රැගෙන ගොස් ඇත.අලි අනාථාගාරයට කැලයේ අතරමංව සිටියදී ගෙන එනු ලැබූ මෙම අලියා කුඩා කාලයේදී 'වීරා' නමින් හඳුන්වනු ලැබිණි. පසුව පනාගොඩ යුද හමුදා මූලස්ථානයට ගෙන යනු ලැබූ මෙම අලියා 'කණ්ඩුල-2' වශයෙන් නම් කර ඇත.
අද(24) අලුයම 1.00ට පමණ කොළඹ වරායේ ගුදමක ගින්නක් හටගෙන තිබේ. වරාය අධිකාරියේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව, කොළඹ නගර සභාව සහ යුද හමුදාව මැදිහත්වී ගින්න මේ වන විට මැඩ පැවැත්වීමට පියවර ගෙන තිබේ.
කැළණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර මහතාට අද (23) උදෑසන නාදුනන මැර කණ්ඩායමක් විසින් කරන ලද පහර දීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තාවේ. මේවන විට ඔහු කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ෆ්‍රෙඩ්‍රික් නිවුමන් පදනම සංවිධානය කළ වැඩමුළුවකට සහභාගීවීම පදනම් කොට ගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍ර කොට කෑමට දී මරා දමා ඇතැයි බුත්තල ප්‍රදේශවාසීහු පවසති.
නව මහාධිකරණ විනිසුරු දීපානි විජේසුන්දර මහත්මියගේ පෞද්ගලික වාහනයේ යම්කිසි ලාංඡනයක් සොරාගෙන ඇතැයි වාර්තා වේ.