ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති ගණනාවක් විසින් සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් ‘විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය’ නමින් මැයි 15වැනිදා පැවැත්විණි.
ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති ගණනාවක් විසින් සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් ‘විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය’ නමින් මැයි 15වැනිදා පැවැත්විණි.
”බොරු සංශෝධන එපා! ඉහළ දැමූ විදුලි ගාස්තු අහෝසි නොකළහොත් 21 ජාතික විරෝධතා දිනය හා වැඩ වර්ජනය ස්ථිරයි”
වෘත්තිය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත යැවු ලිපියේ සිරස්තලය එයයි. වෘත්තිය සමිති නායකයන් 12 දෙනකුගෙන් යුක්ත මෙම කමිටුව ඉල්ලා සිටින්නේ ආණ්ඩුව විසින් අපේ‍්‍රල් මාසයේ සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය අවලංගු කරන ලෙසයි. මැයි 20වැනිදාට පෙර එසේ නොකළහොත් 21වැනිදාට කැඳවා ඇති වැඩ වර්ජනය ස්ථිර ලෙසම සිදුකරන බව ඔවුන් ජනාධිපතිවරයා අමතා 12වැනිදා යැවු ලිපියේ සඳහන් වේ. දිවයිනේ විශාලතම වෘත්තිය සමිති එකමුතුව වශයෙන් සැලකෙන මෙම එකමුතුවට වෘත්තිය සමිති 600ක් පමණ අයත් බව සඳහන්ය.
ලංකාවේ නවලිබරල් ධනවාදී සැලසුම් ඉදිරියට ගෙන යන පාලක තන්ත‍්‍රය වන රාජපක්ෂ රෙජිමය තමන් විසින් නව ලිබරල් ධනවාදය රැගෙන යන්නේ කුමන ආකාරයකින් දැයි විවිධ ආකාරයෙන් කියාදේ. එය නව නීති අණපනත් ද එක් කොට ගත් මර්දනීය ක‍්‍රියාමාර්ග ඔස්සේ ද, ආගමික, ජාතිවාදී අන්තවාදයන් හරහාද ප‍්‍රකාශිත වේ. එහෙත් ඊට අදාල ව්‍යූහාත්මක ප‍්‍රවේශයන් පලවන්නේ වෙනත් ස්වරූපයකිනි. එය කවරේද යන්න කියා දෙනුයේ 2011 - 2030 ”ජාතික භෞතික සැලැස්ම”නම් ලේඛනයට අනුවය. එයට අනුව ඉදිරි වකවානුවේදී ලංකාවේදී ක‍්‍රියාවට ගැනීමට අපේක්ෂා කරන නව ලිබරල් ප‍්‍රතිසංස්කරන කවරේදැයි ඔවුහු කියා සිටී.
මැයි 21 වර්ජනයට අපි සහභාගි වෙමු. එහෙත්, අපට ඒ පිළිබඳව අපට තිබෙන ප්‍රශ්න කීපයක් 'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා වර්ජනය නම් ලිපියෙහි දැක්වීමු.
අප දකින ආකාරයට මේ වර්ජනයට ජනතාවගෙන් යම් මට්ටමක හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි ය. එසේ සිදු වන්නේ එය කැඳවූ වෘත්තීය සමිතිවල ශක්තිය නිසා නොව රටේ ජනතාවට මේ ආණ්ඩුව එපා වී තිබෙන නිසා ය.
සිංහරාජ සංරක්ෂිත වනාන්තරය දෙබෑ කරමින් 2011 වසරේ දී ආරම්භ කර නවතා දැමූ මාර්ගය ඉදිකිරීම යළිත් ආරම්භ කර තිබේ. පරිසරවේදීන්ගේ හා මහජන විරෝධය හමුවේ තාවකාලිකව නවතා දැමූ මෙම මාර්ගය ඉදිකිරීම යළිත් හොර රහසේම ආරම්භ කිරීමට බලධාරීන් කටයුතු යොදා ඇති බව අනාවරණය වේ. මේ වන විට සිංහරාජයට අයත් විශාල ශාක කපා ඉවත් කිරීමේ හා ඩෝසර් යන්ත‍්‍ර යොදා වන වැස්ම එළි පෙහෙළි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එමඟින් දැඩි විනාශයක් සිදු විය හැකි බව පරිසරවේදීහු අවධාරණය කරති.

මීට වසර එක හමාරකට පමණ පෙර 2011නොවැම්බර් 15වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ආණ්ඩුවේ සැලැස්මක් එළි දක්වන ලදී. 2000අංක 49දරන නගර හා ග‍්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ 3 (1) වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් 2011ජනවාරි 13දින පත් කරන ලද ‘ජාතික භෞතික නිර්මාණ සභාව’ විසින් 2011හා 2030අතර වසර 20කට අදාළව සකස් කරන ලද මෙම සැලැස්ම නම් කර ඇත්තේ ‘ජාතික භෞතික සැලැස්ම’ (Natonal Physical Plan) ලෙසිනි. මෙම සැලැස්ම පිළිබඳව ආණ්ඩුවේ නිල කරුණු දැක්වීමට අනුව මෙහි අරමුණ ලංකාව එහි සුවිශේෂී භූගෝලීය පිහිටීම මත පදනම්ව පංච බල කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි.
පසුගිය මැයි 3වැනිදාට යෙදුණු 2013ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් දිනයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරණ ලදී.
1884මැයි 04වැනිදා ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාර්කට් චතුරස‍්‍රයේ පැය අටක වැඩ දිනයක් ඉල්ලා සටන් කළ කම්කරුවන්ගේ රුධිරයෙන් තෙතමනය වූ ධජ පතාකයන් සහිතව අති දැවැන්ත වැඩවර්ජනයක් දියත් කළේය. එකී උත්තුංග පරමාර්ථයන්ගේ කැපවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා මැයි පළමු වැනිදා ලෝක කම්කරු දිනය සමරණ ලදී. එදා පැය අටක වැඩ දිනය නාමික අර්ථයෙන් දිනාගත්තත් මේ වන විට ගෝලීය ප‍්‍රාග්ධනයේ දෘඪතර ප‍්‍රතිඵලයන් විසින් ලෝකයේ වැඩකරන කම්කරුවන්ට පැය අට සිහිනයක් බවට පත්ව ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය විසින් 2013ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ‘මරණය සමග වසර නවයක්’යන තේමාවෙන් නිකුත් කළ 2004මැයි සිට 2013මැයි දක්වා ජනමාධ්‍ය මර්දනයේ අත්දැකීම් වාර්තාව ඇසුරෙනි
—————————–
යම් රටක නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කොපමණ ආරක්ෂා වී තිබෙනවාද යන්න මැන ගැනීමට හැකි සරලම සාධකය වන්නේ එම රටේ ජනමාධ්‍යයන්ට හිමි නිදහසයි. ජනමාධ්‍ය නිදහස පිළිබඳ පිළිගත් ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව සිටින්නේ ඉතාමත් පහළ මට්ටමක බව රහසක් නොවේ.
ජනාධිපති හදිසියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වී තිබේ. ඊයෙ පෙරේදා සිහිනයෙන් අවදි වුණා සේ ඔහු කියා සිටියේ ළ`ගදීම උතුරු පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන බවයි. උතුරේ ජනතාවගේ සමාජ දේශපාලන නිදහස ‘ගෙදරට මරගාතයක්’වී ඇති මොහොතක ජනාධිපතිවරයා මෙබ`දු කතාවක් කියන්නේ ‘ලෝකෙට පරකාසයක්’ලෙසද යන සැකය මතු වීම වැළැක්විය නොහැකිය. තමන්ගේ නිල හා නිල නොවන කල්ලි යොදවා උතුරේ මහ පොළොව මත මිලිටරි බලහත්කාරය යොදවමින් සිටින මහින්ද රාජපක්ෂ කළ මෙම ප‍්‍රකාශය තේරුම්ගත යුත්තේ කෙසේද? මෙම මත විමසුම එම ප‍්‍රශ්නයට පිළිතුර සපයා ගැනීම සඳහා වන ප‍්‍රවේශයකි.
Page 1 of 7
| News Papers | News Sites | Blogs | |||||||||