අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත් මිත‍්‍රකම් කළින් සැළසුම් කළ හැකිය. අරුන්දික ප‍්‍රනාන්දු කිසිමදාක මගේ මිතුරෙකු නො වන්නේ එබැවිනි. දැනහැඳුනුම්කමක් මෙසේ මිත‍්‍රකමක් ලෙස දක්වීමට සහ ඒ හරහා රටේ මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල ප‍්‍රමුඛ සිද්ධියක් මුළුමනින් ම අසත්‍ය ප‍්‍රබන්ධයක් බවට පත්කිරීමට අරුන්දික ප‍්‍රනාන්දු ගන්නා නින්දිත උත්සාහය මම පළමුකොටම පිළිකුල්සහගතව හෙළා දකිමි. එසේම ඔහුගේ මනංකල්පික සිද්ධියට අමනෝඥ ලෙස මා ඇඳා තිබීම මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමි. ප‍්‍රජතන්ත‍්‍රවිරෝධී වත්මන් මිනීමරු ආණ්ඩුවේ සීමා රහිත ප‍්‍රබන්ධ අතරේ වන තවත් ප‍්‍රබන්ධයක රගපාන්නට බැරි නළුවකුගේ තත්වයට අරුන්දික ප‍්‍රනාන්දු පත්ව ඇත. මිත‍්‍රකම් නිර්මාණය වීමට හේතු තිබේ. මිත‍්‍රත්වයන් ගොඩනැගෙන්නේ මූලධාර්මික කාරණා, ජීවන දර්ශනයේ සමාන්තරකම් , රුචි අරුචිකම් ආදී ලකුණු මත ය. නමුත් අරුන්දික යනු ඉතිහාසයේ කිසිම දවසක මා සමග මිත‍්‍රකමක් ගොඩනැගීමට අවශ්‍ය කිසිදු සුදුසුකමක් සපුරා ඇත්තෙකු නොවේ. ඒ බැව් ඔහුගේ පාදඩ දේශපාලන භාවිතය නිරීක්ෂණයෙන් පමණක් වුව පැහැදිලි කර ගැනීමට පිළිවන.
විශේෂාංග ලිපි
උතුරු පළාතේ පදිංචිකරුවන් 1474දෙනකු අභියාචනාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. තවත් දෙදහසකට ආසන්න පිරිසක් එවැනිම පෙත්සම් ගොනු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වී තිබේ.
ප‍්‍රශ්නයක් විසඳීමේ දී එම ප‍්‍රශ්නය නිසි ලෙස වටහා ගැනීම යනු ඊට විසඳුම් දීමේ ක‍්‍රියාවලියේ හරි අඩකි. නිසි වටහා ගැනීමකින් තොරව ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දිය නොහැකිය.
ජනාධිපතිවරයා විසින් උතුරේ ඡන්දය පවත්වන බව පවසා තිබෙනවා. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ඔබ පක්ෂය දරන්නේ කෙබඳු මතයක්ද ?
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රගතිශීලී යෝජනාවක් ලෙස සමහරෙකුට සිතිය හැකියි. නමුත් මෙම මැතිවරණය පැවැත්වීම තුළින් උතුරේ පීඩිත ජනතාවගේ ගැටලුවලට ඔවුන් මුහුණදී සිටින මර්දනයට පිළිතුරු ලැබෙයි කියා අපි සිතන්නේ නැහැ.
2008 මූල්‍ය උනුවී යාමේ සිට වසර පහකට පසු බිඳ වැටීමට හේතු වූ සමපේක්ෂන හා වංචා සම්පූර්න බලයෙන් යුක්තව එක්සත් ජනපදයට නැවත පැමිනේ. ෆෙඩරල් මහ බැංකුව විසින් සෑම මාසයක ම අච්චු ගසා බැංකවලට පුද කරනු ලබන මුදලින් ඩොලර් බිලියන 85ක වාසිය ද ලබාගනිමින් වෝල් වීදියේ කැසිනෝ ව්‍යාපාරය සරුවෙමින් තිබේ. පහත වැටෙන වැටුප් හා මහජන දරිද්‍රතාව මධ්‍යයේ කොටස් වටිනාකම් වාර්තාගත මට්ටම් කරා නැගී ඇති අතර බැංකුවල ලාභ ද එසේ ම ය.
ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා ත‍්‍රිත්වයම බෞද්ධයා තුළ දනවන්නේ ශාන්තියකි, සිසිලසකි. ගින්දර එහි ප‍්‍රතිපක්ෂයයි. සිවුරක් පොරවාගෙන සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයෙක් එම දවසේ සිරුරට ගිනි තියාගත්තේය. එසේ කෙළේ, ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර අභියස ය. ඒ මගින් ඔහු කෙළේ, නිර්මල බුද්ධත්වයේ ශාන්තිය සහ සිසිලසත්, සිංහල-බෞද්ධයාගේ ඓතිහාසික වන්දනීයත්වයක් එක විට කෙළසීමයි. මෙය, වීරත්වයක් හෝ පූජණීයත්වයක් වශයෙන් කෙනෙකු සළකන්නේ නම්, ඔහු හෝ ඇය මේ මියගිය පුද්ගලයාට වඩා බිහිසුණු ය. සටකපට ය. අබෞද්ධ ය. මන්ද යත්, ගිනි තබාගෙන මියගිය තැනැත්තාගේ දඩබ්බර මුග්ධත්වයට අමතරව ඔහුව සමරන්නා තුළ භයානක අවස්ථාවාදයක් ද රජයන බැවිනි.
More Articles...
Page 1 of 17








