A+ R A-

කලා

 

1986 තිස්ස ජයවර්ධනයන්ගේ "සමනළ කන්ද" වේදිකා නාට්‍යයෙන් පාසල් අවදියේම රංගනයට පැමිණි කුඩා කොල්ලෙකු 1989දි සිය ප‍්‍රථම සිනමා රංගනයට එක්වූයේ විජය ධර්ම ශ‍්‍රී ගේ "ගුරුදෙර" සිනමා නිර්මාණයෙහි අනෝජා වීරසිංහගේ පුතකු ලෙසය.

මේ කොලූ ගැටයා වේදිකාවේ, සිනමාවේ මෙන්ම රුපවාහිනි නාට්‍ය තුළද තම රංග කුශලතාව ඔප් නංවා ගත්තේ සිය සහජ කුශලතාව රංගනයම බව පසක් කරමිණි. පාසල් අවදියේම රංගනයට පිවිස අද වනවිට ජාත්‍යන්තරය වෙත ගමන් කොට ඇති මේ අසහාය රංගන ශිල්පියා ජගත් චමිලය.

 

altපියන්කාරගේ බන්දුල ජයවීරයන් විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහයක් එලි දැක්වීමට නියමිතය. මෙම කාව්‍ය සංග්‍රහය ඔහු විසින් නම්කොට ඇත්තේ "සීමාසහිත පවුල සහ සමාගම" (කුටුම්බයක හිඳ ලියූ කවි ) යනුවෙනි.

 

altප්‍රකට වේදිකා නළුවෙකු වු සැන්ටින් ගුණවර්ධන මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වි ඇත. මිය යන විට‍ හැත්තෑ පස් වන වියේ පසුවු ඒ මහතා පසුගිය කාලය පුරාවට දැඩිලෙස රෝගාතුරව සිට ඇත.

 

ගුණදාස කපුගේ ශූරින්ගේ දසවන ගුණානුස්මරණය වෙනුවෙන් සංගීත වැඩසටහනක් සහ කතිකාවතක් සංවිධානය කිරීමට තරුණ නීතීඥ සංගමය සැලසුම්කර තිබේ. එය හෙට (03) පසුවරු 4ට රාජගිරියේදී පැවැත්වීමට නියමිතය.

අප්‍රිකානු සාහිත්‍යයේ පියා ලෙස ගෞරවයට පාත්‍ර ලෝකප්‍රකට ලේඛක චිනුආ අචෙබේ මහතා අද අභාවප්‍රාප්ත විය.

මිය යන විට 82වන වියෙහි පසුවූ ඔහු ඇමරිකාවේ බෝස්ටන් නුවර රෝහලකදී අභාවප්‍රාප්තවී තිබේ.

 

altමහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද "පබාවති" වේදිකා නාට්‍යය පෙබ. 02 දා සවස 07.00 ට, කොළඹ 07, ලයනල්වෙන්ට් රංග ශාලාවේදී වේදිකා ගතවේ. 

 

alt1971වසරේ දී තහනමට ලක් වූ, සයිමන් නවගත්තේගම ගේ "පුස්ලෝඩං" නාට්‍යය ජනවාරි 31දා, සවස 6.30ට, ලුම්බිණි රඟහලේ දී වේදිකා ගත වේ. මෙහි නව අධ්‍යක්‍ෂණය සයිමන් නවගත්තේගම ගේ දියණියක වන අධ්‍යක්ෂණය,අයේෂා නවගත්තේගම ගෙනි.

 

altලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී මීනා කුමාරි විසින් ප්‍රධාන චරිතය රඟන හා ඉන්දීයවේ ප්‍රකට සිනමා කරුවකු වු සාජි එන් කරූ විසින් අධ්‍යක්ෂණය කළ ''කුට්‍ටි ස්රෑන්ක්" (skutty srank)මලයාලම් චිත්‍රපටය අද (18) සවස ඉන්දියානු සංකෘතික කේන්ද්‍රයේදී ප්‍රදර්ශනය කෙරේ.

 

altජෝජ් කිට් පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන ''කලා පොළ" මෙවරද ජනවාරි 26,27 යන දෙදින තුළ කොළඹ නෙළුම් පොකුණ මාවතේ පදික වේදිකාවේ පැවැත්වීමට තීරණය කර ඇත. මෙය එලිමහන් කලා සල්පිලක් ලෙසින් පැවැත්වීමට මෙවර තීරණය කර ඇත.

Page 1 of 2