රාජ්‍ය බැංකු හරහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
අන්තර්ජාතික බැංකු හරහා ඉහළ පොලී අනුපාත යටතේ මෙලෙස බැඳුම්කර අලෙවි කොට ණය ලබාගැනීම නිසා ඉදිරි වසර පහ ඇතුළත ලංකාව උග්‍ර ණය අර්බුදයක සිරවනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අවධාරණය කරති.






GSP + සහනය අහිමිවීමත් සමඟ මෙරට කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ලැබෙන අපනයන ඇනවුම් ප්‍රමාණය පහත වැටී ඇති බවත් ව්‍යාපාරික ආරංචි මාර්ග පවසයි.
පසුගිය වසර තුළ මෙරට සමස්ත උද්ධමනය 9.2% දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දේ. මහ බැංකුවට අනුව 2011 වසරේදී සමස්ත උද්ධමනය අගය පැවතියේ 4.9%කි.
වෙළඳ පොළ පොලී අනුපාත තීරණය වීමට බලපාන සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීමට මහ බැංකුව කටයුතු කර තිබේ.
