මාතලේ සමූහ මිනීවල ගැන පරීක්ෂණ කළ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා මාරු කර යවා තිබේ. ඔහු යවා ඇත්තේ කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙසිනි.
දේශීය පුවත්
හෙට සේවයට වාර්තා කරන හා නොකරන සේවකයින් පිළිබඳව වාර්තාවක් ලබා දෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.
නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී වැහැපීලි නොයොදන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සිය විරෝධය පළකර තිබේ.
"රතු කොඩි" සමිතියේ ප්‍රධාන ලේකම් ඕ.ඒ. රාමයියා මහතා අභාවප්‍රාප්තවී තිබේ. මිය යන විට ඒ මහතා 76 හැවිරිදිව සිටියේය. ඔහු එක්සත් සමාජවාදී පෙරමුණින් මුල්ම පළාත් සභා මැතිවරණයේ තරග වැදී ජයගත් මධ්‍යම පළාත් සභාවේ පළමු සභිකයන් අතුරින් අයෙකි.
යුද්ධයෙන් මියගිය උතුරේ දෙමළ ජනතාව සැමරීමට මන්නාරම්, පෙරියකඩේ මහජන ශාලාවේදී පැවැත් වූ උත්සවයකදී පුද්ගලයන් 15 දෙනෙක් පෙරේදා (18) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2012 වසර අවසානය්දී 2011 වසරට වඩා සියයට 16.9%කින් සැලකිය යුතු ලෙස වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඒ අනුව 2012 වසරේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 6,000.1කි.2011 වසර අවසානයේ නොපියවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,133.4ක් විය.
10%කින් බස්ගාස්තු වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද(20) දිනයේ දිවයින පුරා බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසයි.
කැළණිය දුම්රිය ස්ථානය ආසන්නයට එල්ලවූ අකුණු පහරකින් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියට හානි සිදුවීම හේතුවෙන් රාගම සිට කොළඹ - කොටුව දක්වා පැමිණෙන දුම්රිය ප‍්‍රමාදවී ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
අනවසර විදේශිකයන් සඳහා සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමාකාලයේදී එරටින් පිටවීම සඳහා තාවකාලික ගමන් බලපත්‍ර කඩිනම්න් නිකුත් කරන බව තානාපති කාර්යාල ආරංචි කියයි.
ගතවු පසුගිය 2012වර්ෂයේදී පමණක් උතුරු පළාතේ බාල වයස්කාර දැරියන් 256ක් පමණ ලිංගික අතවරවලට ගොදුරු වී ඇති බවට කාන්තා හිමිකම් සංවිධාන ක්‍රියාධරයෝ නැමති සංවිධානයක් විසින් ප්‍රකාශ කරති.
කොළඹ නගරයේ ආරක්‍ෂාව සහතික කිරීමත්, රථවාහන අනතුරු හා වාහන තදබද අවම කිරීම යටතේ සවිකර ඇති ස්ව්‍යංක්‍රීය සජීවි කැමරා (සී.සි.ටී.වී) 28ට අමතරව ලංකාවේ සෑම නගරයකම සවිකිරීමට රජය සැලසුම් කොට ඇත.
ආණ්ඩුව 2009 වසරේදී යුද්ධය ජයග්‍රහණය කිරීම අද ගාලු මුවදොර පිටියේදී සමරනු ලැබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. මේ නිමිත්තෙන් ගාලු මුවදොර පිටිය හා පාර්ලිමෙන්තු ක්‍රීඩාංගණය අසල මාර්ග වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් කිහිපයක් උතුරු පළාත් සභා මැතිවරණයට පෙර සිදු කිරීමට ආණ්ඩුව සැරසෙන බවට තොරතුරු ලැබී ඇති බවත් ඊට ඉන්දීය රජයේ විරෝධය පළ කරන බවත් එරට විදේශ අමාත්‍යවරයා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 30 දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ. අද පස්වරුවේ එම රැදවියන් පිරිස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (4වන තට්ටුවට) පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව වාර්තාවේ. ප්‍රශ්න කිරීමක් සදහා ලබන 21වන දින අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස පසුගිය 15 වැනිදා මන්ත්‍රීවරයාට දැනුම්දී තිබේ.
'රන් ජාවාරම පිටුපස ආර්යාවක්' යන ශීර්ෂය යටතේ පසුගිය සතියේ 'ජනරළ' පුවත්පතේ පළ කරන ලද ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් අද ප්‍රශ්න කර තිබේ. ඒ, පෑලියගොඩ, බස්නාහිර උතුර පොලිස් අපරාධ කොට්ඨාසයේදීය.
වව්නියාව තාන්ඩිකුලම් ප්‍රදේශයේ මවක් අද (17) පෙරවරුවේ සිය දරුවන් තිදෙනා ද සමග ළිඳකට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සහ කර තිබේ.
මෙම වසර අවසාන වන විට මෙරට විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය සියල්ලම ඍජුව හෝ වක‍්‍රව ආණ්ඩුවේ පාලනයට නතු කරගත යුතු බව ආණ්ඩුවේ ඉහළම පුද්ගලයකු අවධාරණය කර තිබේ. මෙයට අදාළව පසුගිය කාලය තුළ මාධ්‍ය ආයතන මිල දී ගැනීමට ආණ්ඩුවේ අනුග‍්‍රහය ලබන ව්‍යාපාරිකයන් යොමු කර තිබේ.
ජානක බණ්ඩාර සහ සිසිත ප‍්‍රියංකර සිසු ඝාතන නඩුවේ පරීක්ෂණ කටයුතුවලට අදාළ රස පරීක්ෂණ වාර්තා හා ජංගම දුරකථන විස්තර වාර්තා තවමත් උසාවියට ඉදිරිපත් කොට නැති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප‍්‍රකාශ කර සිටී.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ප‍්‍රකාශ කළේ එම වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී බවය. නඩු වාරය කල් යෑමට මූලිකම හේතුව අදාළ වාර්තා ඉදිරිපත් නොකිරීම බව හෙතෙම අවධාරණය කළේය.
බලපෑම් එල්ල කරමින් හමුදාවට බඳවා ගන්නා ලද තරුණියක් එයින් ඉවත් කරගැනීමට කොකාවිල් යුද හමුදා කඳවුරට ගිය විශේෂඥ වෛද්‍යරත්නසිංහම් ශිවශංකර් දැනට මාස හතරක කාලයක සිට ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ගෙන සිටී.
වෙබ් අඩවි ලිපිනයන් සිංහල හා දෙමළ භාෂාවලින් සඳහන් කර වෙබ් අඩවිවලට පිවිසීමේ පහසුකම මේවන විට සලසා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳහන් කරයි.
More Articles...
Page 1 of 73
![]() |







