පසුගිය නොවැම්බර් 23 දින පස්වරු 1.00 ට කොරියාවේ බටහිට වෙරළේ පිහිටි යෝන්පියෝන්ග් දූපත දෙසින් දකුණු කොරියාවට උදව්දෙන පුද්ගලයන් විසින් උතුරු කොරියාව පාලනය යටතේ ඇති භූමියට එල්ල කළ බියගුළු ප්‍රහාරය නොඉවසන තැන තමන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදු වී යැයි කොරියානු ජනතා හමුදාවේ අණදෙන නිලධාරියා විසින් දකුණු කොරියාවට එල්ල කළ ප්‍රහාරය ගැන අති විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.නොවැම්බර් 23 නිකුත් කර ඇති නිවේදනයේ “උතුරු කොරියාවේ විප්ලවීය හමුදාවට අප භූමියට අයත් මුහුදු සීමාවද ආරක්ෂා කිරීමේ වගකීම පැවරී අති අතර විවිධ රූකඩ කණ්ඩායම් විසින් එල්ල කරන ප්‍රහාරවලට ක්ෂණිකව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අපි බැඳී සිටින්නෙමු.” යනුවෙන් සඳහන්ව ඇත. දකුණු කොරියාවේ ආරක්ෂක බලධාරීන් ධීවර කටයුතු මුවාවෙන් තම පාලන ප්‍රදේශයට ඇතුළු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර නොවැම්බර් 24 දින එරට විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති නිවේදනයේ උතුරු කොරියාව එල්ල කළේ ප්‍රහාර නොව ප්‍රතිප්‍රහාර බව දැඩිව අවධාරණය කොට ඇත.
“අපේ හමුදාව අවස්ථා රැසකදී දැඩිව අවධාරණය කරනු ලැබු නමුත් ඒ කිසිවක් නොසලකා රූකඩ කණ්ඩායම් අපේ භූමියට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එය ඉවසා සිටීමේ සීමාව ඉක්ම වූ කළ අපට ප්‍රතිප්‍රහාර දීමට සිදු වුණා.” යැයිද එහි සඳහන්ව ඇත.
“අපේ හමුදාව අවස්ථා රැසකදී දැඩිව අවධාරණය කරනු ලැබු නමුත් ඒ කිසිවක් නොසලකා රූකඩ කණ්ඩායම් අපේ භූමියට ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එය ඉවසා සිටීමේ සීමාව ඉක්ම වූ කළ අපට ප්‍රතිප්‍රහාර දීමට සිදු වුණා.” යැයිද එහි සඳහන්ව ඇත.
“1953 අගෝස්තු 23 වැනි දින එක්සත් ජාතීන්ගේ අනුමැතිය යටතේ ගිවිසුම් ප්‍රකාරව පිහිටුවා ගත් උතුරේ මුහුදු සීමාව නීති විරෝධිව ආක්‍රමණය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.” යැයි එහි වැඩිදුරටත් සඳහන් කොට ඇත.
ඇමෙරිකාවත් ඔවුන්ගේ අනුගාමිකයෝත් ජාත්‍යන්තරයේ සිටින ඇතැම් ලොක්කෝ යැයි කියාගන්නා අයත් සැබෑවටම සිදුවුණු දේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නම් වැදගත් බවද කිසිම ප්‍රතිපත්තියක් නොමැති දකුණු කොරියාවට ඔවුන් උදව් කරන්නේ නම් සිදුවන්නේ ඇවිලෙන ගින්නට තෙල් දැමීමක් පමණක් යැයිද අදාල නිවේදනය මඟින් තවදුරටත් අවධාරණය කොට ඇත.







