රූපවාහිනී මඟින් විකාශය කරනු ලබන ආනයනික ටෙලි නාට්‍ය සඳහා රජය පසුගිය කාලයේදී පනවන ලද බද්ද මෙවර අයවැයෙන් ඒ ආකාරයෙන්ම කේබල් රූපවාහිනී සමාගම් මතද පැනවීම නිසා ඉදිරියේදී එම රූපවාහිනී ආයතන වැසී යාමේ තර්ජනයක් මතුව තිබෙන බව අනාවරණය වේ.විදේශීය නාලිකා රැසක් පැය විසිහතර පුරා විකාශය කරන කේබල් රූපවාහිනී නාලිකාවල බොහෝ වැඩසටහන් මෙම නව බද්දට යටත් වේ. ඒ අනුව, අනාවරණය වන්නේ මෙම බද්ද ගෙවීමට සිදුවන්නේ නම් මෙරට කේබල් රූපවාහිනී කර්මාන්තයක් කරගෙන යාමට නොහැකි වනු ඇති බවයි.







