A+ R A-

නිමල රූබන්ගේ දේහය හොර රහසේ මිහිදන් කිරීමේ උත්සාහයක්

E-mail Print PDF

altබන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඝාතනය කරන ලද නිමල රූබන් නමැති දේශපාලන සිරකරුවාගේ දේහය අද රාත්‍රී හොර රහසේම ඇල්දෙනිය පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.

මේ වන විට ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරෙමින් පවතින අතර ඊට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත. එසේම, නිමල රූබන්ගේ දෙමාපියන්ද දැඩි පොලිස් රැකවල් මැද සිර කර ගෙන තබා ගෙන සිටින බව වාර්තා වන අතර ඔවුන්ට නීතිඥයකු හෝ වෙනත් පුද්ගලයකු හමුවීම තහනම් කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කිරීමෙන් පසුව රහසිගතව නිමල රූබන්ගේ අවසන් කටයුතු සිදු කර ඔහුගේ දෙමාපියන් වව්නියාවේ ඔවුන්ගේ නිවස වෙත ගෙන ගොස් දැමීමට සැලසුමක් ඇතැයිද වාර්තා වේ.

This content has been locked. You can no longer post any comment.