A+ R A-

මෙනන් ළගදීම ලංකාවට

E-mail Print PDF

 

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශිව් ශංකර් මෙනන් මහතා ලබන සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව හින්දු පුවත් පත වාර්තා කරයි.

ඉකුත් වසරේ ජුනි මාසයේදීද මේ ආකාරයේ සංචාරයක නිරතවූ මෙනන් මහතා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කෙරෙන පසුවිපරම් සංචාරයක් ලෙස මෙම සංචාරය සිදුකරන බව හින්දු පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.

මේ අතර බ්‍රසීලයේ පැවැත්වෙන රියෝ සමුළුවට සමගාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අතර හමුවක් සිදුවීමට නියමිත බවද වාර්තාවේ.

This content has been locked. You can no longer post any comment.