A+ R A-

උතුරු මැද මහ ඇමති 'ඡන්ද වැඩ අරඹයි'

E-mail Print PDF

altඋතුරු මැද මහ ඇමතිවරයා තඹුත්තේගම විදුහලේ සිසුන්ගේ දෙමාපියන් රැස් කර නීති විරෝධී රැස්වීමක් පවත්වා ඇතැයි ගුරුවරු සහ දෙමාපියෝ චෝදනා කරති. පාසලේ ගුරු දෙගුරු රැස්වීමක් පවත්වන බවට විදුහල්පතිවරයා විසින් කරන ලද දැනුම්දීමකට අනුව දෙමාපියන් පැමිණ ඇති අතර එය මහ ඇමතිවරයාගේ රැස්වීමක් බව ගුරුවරුන් හෝ දැන නොසිටි බව ඔවුහු පවසති.

දෙමාපියන් පැමිණීමෙන් අනතුරුව ගේට්ටුව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර පිටව යන සියලු දෙනාගේ නම් සහ පිටව යාමට හේතුව සටහන් කර ගන්නා ලෙස විදුහල්පතිවරයා ගේට්ටුව මුරකරුට නියෝග කර ඇත. මෙය අනිසි ලෙස සිදු කරන ලද බලපෑමක් බව දෙමාපියෝ පවසති. මහ ඇමතිවරයාගේ රැස්වීම අවසන් වන තුරුම ගේට්ටුව වසා දමා තිබී ඇත. 

This content has been locked. You can no longer post any comment.