මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන ගැටලුවට ආණ්ඩුව මුහුණ දී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම ගැටලුව හදිසියේ ඉස්මත්තට පැමිණ ඇත්තේ ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසුව කැබිනට් සංශෝධනයක් සිදු කෙරෙනු ඇතැයි පැවසීම නිසාය.
මීළග අග්‍රාමාත්‍ය තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැසිල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා සහ මෛත්‍රීපාල සිරිසේන යන අයගේ නම් ඉදිරිපත් වී ඇත. එහෙත් ඔවුන්ගෙන් එක් අයකුට අගමැති තනතුර ලබා දීම ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය පුපුරා යාමට හේතු විය හැකි බවටද මත පළ වී තිබේ.
ඒ නිසා දිනේෂ් ගුණවර්ධන මහතාට අගමැති තනතුර ලබා දීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට හැකි වී නැති අතර මේ වන විට මෙම ගැටලුව ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය තවත් උත්සන්න කරන්නක් බවට පත්ව ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මේ මාසය අවසන් වන තුරු විදේශවල රැඳී සිටින්නේ ජ්‍යෝතිෂ මතය නිසා යැයිද පැවසේ. ඉදිරි දින කිහිපය ඔහුට අපල නිසා දිගටම රටේ රැඳී නොසිටින්නැයි සාස්තරකරුවන් කියා ඇතැයිද ආරංචි මාර්ග පවසයි.









Comments