A+ R A-

බාලාපරාධ 4කට සෝමරතන හිමි වසර 7කට හිරගෙදරට

E-mail Print PDF

 

1970 දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ ‍චෝදනා 4කට වරදකරු කෙරුන ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ට ලන්ඩනයේ අධිකරණයකින් වසර 4ක සිරදඩුවමක් නියම කර තිබේ.

එහෙත් එහිමියන්ට එරෙහිව එල්ලවී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සෝමරතන හිමියන් නිවැරිදි කරු බව අධිකරණය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පහලගම සෝමරතන හිමියන් ගේ නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන් අධිකරණය නියෝග කල බව බි.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම මින් මතුවට සෝමරතන හිමියන්ට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කරන ලද බවත් එම පුවත් සේවය පවසයි. 

Comments

 
+4 # gamaya 2012-06-02 21:41
Ohoma vela madi. Avurudu 20 kata vithara yavanna thibune
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.