A+ R A-

ලෝක වෙළඳපොළේ තෙල් මිල 20%කට වඩා පහතට - ලංකාවට සහන දෙන්න තවම කල් මදිලු

E-mail Print PDF

 

2012 වසර සදහා ඉකුත් මාර්තු‍වේ වාර්තාවූ වැඩිම බොරතෙල් බැරලයේ මිලට සාපේක්ෂව මේවන විට ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල 20%ක වඩා වැඩි අගයකින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඊයේ වන විට අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 86සත 53ක් දක්වා පහත වැටී තිබූ බව රෝයිටර් පුවත් සේවය පවසයා. එය ඉකුත් මාර්තුවේදී  2012වසර සඳහා අමෙරිකානු වෙළඳපොළේ වාර්තා වු ඉහළම මිල සැලකීමේදී මෙය 22%ක පමන පහළ යාමකි.

එමෙන්ම ලන්ඩන් බ්‍රෙන්ට් වෙළඳපොළේ ද බොරතෙල් බැරලය අමෙරිකානු ඩොලර් 101යි සත 87දක්වා පහත වැටී තිබේ. ඉකුත් මාර්තු මාසයේදී 2012වසර සඳහා ලන්ඩන් බ්‍රෙන්ට් වෙළඳ පොළේ වාර්තා වු ඉහළම මිල සැලකීමේදී ද මෙය 21%ක පමන පහළ යාමකි.

පසුගිය ඔක්තෝබර් 4 වැනිදායින් පසුව බොරතෙල් සඳහා වාර්තා වන පහළම මිල මෙය බව ද  රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යාමේ වාසිය කඩිනමින් ජනතාව වෙත ලබා දිය නොහැකි බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කරයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගිය පමණින් ලංකාව තුළ තෙල් මිල ඉහළ දැමීමට රජය කටයුතු නොකළ බව ඒ මහතා ප්‍රකාශ කරයි. එබැවින් ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් පහළ ගියහොත් එහි සහනය ජනතාව වෙත ලබා දිය හැකි වනු ඇති මුත් එය කඩිනමින් සිදුවේයැයි තමා නොසිතන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

This content has been locked. You can no longer post any comment.