A+ R A-

දේශපාලන බිමේ ජෙනරාල් ෆොන්සේකාට හිමි තැන?

E-mail Print PDF

 

”මම අවසාන යුද්දෙදි වැලිඔය මෙහෙයුමේ ඉඳළ පුදුකුඩුඉරිප්පු අවසාන සටන දක්වා දිගටම සටනෙ හිටපු කෙනෙක්. අපේ හමුදාවේ ඉන්න  ඕනෑම කෙනෙක් පිළිගන්න එක සත්‍යක් තිබෙනවා. ඒක තමයි ෆොන්සේකා මහත්තයා නැත්නම් මේයුද්දෙ දිනනවා බොරු කියන එක.එතුමා බියගුල්ලන් යුදපෙරමුණට දැම්මෙ නෑ. හොරුනට තක්කඩියන්ට කිසිම සමාවක්නෑ.එක්කො එළවලම දානවා නැත්නම් ක‍්‍රියාන්විතයෙන් බැහැර මොකක් හරි වැඩකට දානව.එයත් හැම වෙලාවෙම හිටියෙ සටන් පෙරමුණේ.ඒකට අද? එතුමා එලවපු හොරු තමයි රජවෙලා ඉන්නේ. කථා කරන්න දෙයක්නෑ.හැමදේකින්ම අපවත් සූරාගෙන කන කට්ටියක් රජවෙලා ඉන්නෙ.මුන්ට සාපවෙනවා. කවදාහරි ඵලදෙනවා.ඇත්ත වීරයා රට බේරා ගත්ත නායකයා අපේ ජනරාල්තුමා හිරේ.  ඕව කරපු එවුන්ට නම් සහ ගහනවා. මහත්තයෝ මේව බලන්ට බැරි නිසාම මම විශ‍්‍රාමයන්ට ඉල්ලල තියෙන්නෙ. ” මේ උදෘතය මාස ගණනාවකට ඉහත දී බස් රථයක ගමන් කරද්දී කථාවට වැටුනු යුද හමුදා කෝප‍්‍රල් කෙනෙකු ලෙස හඳුන්වාදුන් මැදිවියේ අයෙකු හා ලියුම්කරු සමඟ වු සංවාදයක කොටසකි.

ජෙනරාල් ෆොන්සේකා පිළිබඳව විවිධ තලයන්හි තබා කථා කරන අවධියක ඉහත උදෘතය පිලිබඳව නම් යුද්ධයේ විනාශය ගැන කථා කරන අයෙකු හැරෙන්නට අන් අය අතර විවාදයක් පැවැතිය නොහැක.

ඇත්තටම ෆොන්සේකා හා මහින්ද රජය අතර ගැටුමක් ලෙස අර්ථ දැක්වීම වැරදිය. එය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අතර ගැටුමක්ලෙස අර්ථ දැක්වීම නිවැරැදිය. මේ ගැටුම ආරම්භවන්නේ යුදජයග‍්‍රහණයෙන් පසුව එකිනෙකාගේ පෞර්ශවය පිළිබඳව මතු වූ ආරවුලක් ලෙසට බොහෝ දෙනා හඳුනාගනිති. මේ ගැටුමේ අවසන් ඵලය ලෙස ඔවුන් පවසන්නේ ජෙනරාල් ෆොන්සේකා දේශපාලනඥයෙකු බවට පත්වූ බවයි. එය එසේනම් දේශපාලන බිමේ හතර කොන පිළිබඳව අවම අවබෝධයක් පවා නොතිබුණු ජෙනරාල් ෆොන්සේකා දේශපාලනයට ඇදදැමීමේ ගෞරවය හිමිවිය යුත්තේ අන්කිසිවෙකුට නොව ගෝඨාභය රාජපක්‍ෂටය.

එලෙසින් සිදුවූ ෆොන්සේකාගේ දේශපාලන ආගමණය ජනතා විමුක්ති පෙරමුණට හා එක්සත් ජාතික පක්‍ෂයට රිදී ඉරක්විය මහින්ද ආණ්ඩුවෙන් එළියට වැටී යන එනමං නැතිව, අඳුරේ අතපතගාමින් සිටි ජනතා විමුක්තිපෙරමුණටත්,නායකත්ව අර්බුදයේ කරවටක් එරී සිටි එක්සත් ජාතික පක්‍ෂයටත් ඒ මොහොතේ ෆොන්සේකාගේ ආගමණය චූඩාමානික්‍යක් පහලවූවා සේවිය. එහි ප‍්‍රථිඵලයක් ලෙස ඔහු ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා බවට පත්වන්නේ තවත් විපක්‍ෂයේ කුඩා පක්‍ෂ ගණනාවක් එකතු කරගනිමිනි.

ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ ඇතිවූ බෙදීම තීව‍්‍ර වීමෙන් බලවත් කණ්ඩායමක් ඉන්ඉවත් වි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ලෙස කළඑලි බැසීමට ද ෆොන්සේකා දේශපාලන සාධකය ප‍්‍රධානම එක් හේතුවක්වු බව පසුකාලීනව අනාවරණය විය.

ජනාධිපතිවරණයේ දි එක්සත් ජාතික පක්‍ෂය ජෙනරාල්ගේ ජයග‍්‍රහණය සඳහා ප‍්‍රමාණවත් වැඩකොටසක් ඉටු නොකළ බවට එල්ල වූ චෝදනා පැවතිය ද,පක්‍ෂය තුළ පැවැති නායකත්ව අර්බුදයෙන් ගොඩ එන්නටරනිල් වික‍්‍රමසිංහ මහතාට හැකිවීම ඔහු ලැබූ ජයග‍්‍රහණයක් ලෙස සැළකීම වරදක් නැත.

ජනාධිපතිවරණ පරාජයෙන් දින කීපයක් ගත වෙන්නටත් මත්තෙන් ෆොන්සේකා පැහැරගෙනගොස් සිරගතකරන ලදී. චෝදනා ගණනාවක් මත ඔහුට විරුද්ධව නඩු පවරන්නට ගෝඨාභය ප‍්‍රමුඛ මහින්ද ආණ්ඩුව පියවර ගන්නේ ඔහු පිළිබඳව පැවති භීතිය තවත් ඉහළ තලයකට ඔසවා තබමිනි.

රටේ ජනතාවගෙන් අති බහුතරය ආණ්ඩුවේ මේක‍්‍රියා මාර්ගය හෙළාදැක්කා පමණක් නොව ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් දේශපාලන පක්‍ෂ සමඟ නිරන්තරව වීදි බසින්නට වූහ. අධිකරණය තුලින් යුක්තිය අපේක්‍ෂා කළ ජනයා අධිකරණ භූමිය තුළ ද රැස්වන්නට වූහ. ආන්දෝලාත්මක නඩු තීන්දු හරහා අපේක්‍ෂිත නිදහස ඔහුට නොලැබුන අතර ඔහු දේශපාලන සිරකරුවෙකු බවට පත්විය. අනතුරුව ඔහුගේ නිදහස වෙනුවෙන්වූ සටන ජාත්‍යන්තර තලයට ද ඔසවා තැබිණ.

ජෙනරාල් ෆොන්සේකා නිදහස්කරගැනිමේ සටන එලෙස දිගහැරෙද්දී,පෞද්ගලිකවම කෙරෙන මැදිහත්වීම් පිළිබඳව ද වාර්තා වන්නටවිය.ආරම්භයේ දී ත්‍රෛයිනිකායික නාහිමිවරුන් හා ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ඒ අතර ප‍්‍රධානවිය.

ටිරාන් අලස් මංත‍්‍රීවරයාගේ මැදිහත්වීම මාධ්‍යට වාර්තා වන්නේ ඉන් අනතුරුවය. අද නිදහස් කරනවා,හෙට නිදහස් කරනවා යනුවෙන් විවිධ දින වකවානු සඳහන් වුවද හරියටම ඔහු නිදහස්වන්නේ හෝ ජනාධිපති සමාව ලැබෙන්නේ මැයි මාසයේ 21වනදාය. ඒ ඔහුට එරෙහිව ලබා දී තිබූ අධිකරණ තීන්දුවලට එරෙහිව ඔහු විසින්ම ගොනුකොට තිබූ අභියාචනා ඉවත් කිරීමේන් අනතුරුවය.

ජෙනරාල් ෆොන්සේකා ගේ නිදහස හා බැඳුණු ප‍්‍රශ්ණ රාශියක් අද සමාජය තුළ සාකච්ඡාවකට බඳුන් වෙමින් පවතී.

ෆොන්සේකා මහතාගේ නිදහස සම්බන්ධයෙන් ටිරාන් අලස් මහතාගේ භූමිකාව පිළිබඳව ජනාධිපති හමුවක දී විපක්‍ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයා විමසූවිට ”මමත් දැක්කෙ මාධ්‍යයෙන් ටිරාන් එනකන් ඉන්නෙ එයාගෙන් අහන්න” යනුවෙන් පැවසූ බව ජනමාධ්‍ය වාර්තා කළාය.එදිනම සවස ජනාධිපතිවරයා හින්දු පුවත් පතටප‍්‍රකාශ කළේ නිදහස් කිරීමටසූදානමක් පවතින බවය.එහි ගෞරවය ටිරාන් අලස්ට හිමිවිය යුතුබව වැඩිදුරටත් ප‍්‍රකාශ කරනු ලැබීය.

මේ ප‍්‍රකාශයන් සනාථ කරන්නේ ජනරාල් නිදහස් කිරීමේ පෞද්ගලික සාකච්ඡාවසන් කළ කරුණු ගණනාවක් පැවැති බවය. එය පැහැදිළිවන්නේ ඔහු නිදහස ලැබීමෙන් පසුවය. ඔහු ට නියමිතව තිබූ සිරදඞුවම්වල ඉදිරිය වෙනුවෙන් සමාවක් විනා පූර්ණ නිදහසක් ඔහුට ප‍්‍රධානය කොට තිබුණේ නැත.

මෙහි දී  ප‍්‍රශ්ණ ගණනාවක් මතුවේ.මේ සාකච්ඡා පිළිබඳව නිරන්තරව ජෙනරාල්වරයා හා ෆොන්සේකා මැතිණිය දැනුවත් කරන බව ටිරාන් අලස් මංත‍්‍රීවරයා පුන පුනා පවසන බව මාධ්‍ය වාර්තා කරන ලදී. එසේ නම් ඔහුට ලැබෙන්නේ කිනම් නිදහසක් ද යන්න පිළිබඳව ෆොන්සේකා මහතා හා මැතිණිය දැනුවත්ව සිටි බව සිතා ගැනීම අපහසු නොවේ. අධිකරණ තින්දුවලට එරෙහිව තමා විසින් ගොනුකළ අභියාචනා සියල්ල ඉවත් කරගත්තේ අනවබෝධයකින් ද නැතහොත් කිසිලෙසකින් මහින්ද ආණ්ඩුවට යටත් නොවනවා කී ෆොන්සේකා දෑත් ඔසවා යටත් වුනා ද? මේවාට ජෙනරාල් ෆොන්සේකා ජනතාවට පිළිතරු ලබාදිය යුතුව තිබේ.

කෙසේවෙතත් නිදහස් පුරවැසියෙකුට හිමි පූර්‍ණ අයිතිය ඔහුට නැත. ඔහුගේ නිදහස හා යුක්තිය දිනාගැනිම මෙන්ම රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස හා ඔවුනට යුක්තිය ඉටුකරවා දීම වෙනුවෙන් වූ අරගලයට දායකත්වය ලබාදීමට ජෙනරාල්වරයාට බාධාවක් ඇත්තේ නැත.

ෆොන්සේකා මහතා දේශපාලන වේදිකාවට කැඳවාගෙන එන්නට මුළු බර යෙදූ ජනතා විමුක්ති පෙරමුණ අද ඔහු නායකයෙක් ලෙස පිළිගන්නට සූදානම් නැත.ඔවුනට අනුව ජෙනරාල්වරයාට ඔවුන් ලබා දී ඇත්තේ කෙටිකාලීන රෝල් එකකි. අද ජනතා විමුක්ති පෙරමුණට එයට වඩා උභතෝකෝටියකට මුහුණදීමට සිදුව ඇත. ඒ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයෙන් මිඳුනු බහුතරයකින් සමන්විත පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ හා වාමාංශික පක්‍ෂවල එකතුවට මුහුණදීම වෙනුවෙන් පවතින අභියෝගයයි.

එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විරෝධී පිරිසක් හා ජනරාල් වටා සිටින පිරිස එකතු කර ගනිමින් ඔහුගේ නායකත්වයෙන් දේශපාලන සංවිධානයක් ගොඩනැඟීම රටේ බලය ලබා ගැනීමට ප‍්‍රමාණවත් වේයැයි ජෙනරාල්වරයා කල්පනා කරන්නේද?එහිදී කරු ජයසූරියට මහතාට සජිත් පේ‍්‍රමදාස මහතා අත්කරදුන් ඉරණම පිළිබඳව කල්පනා කිරීමත් වැදගත් වේ.

මෙහිදී තවදුරටත් ජෙනරාල් ෆොන්සේකාගේ දේශපාලනයේ පාරිසුද්ධභාවය වෙනුවෙන් තවත්ප‍්‍රශ්ණ කීපයකට ඔහු ජනතාවට පිළිතරු ලබාදියයුතුව ඇත.

ඉන් ප‍්‍රධානම එකක්වන්නේ යුද්ධය පැවති කාලයේ ධර්මර්ත්නම් සිවරාම්, ලසන්ත වික‍්‍රමතුංග වැනි ජනමාධ්‍යවේදීන් මරාදැමීම,ජනමාධ්‍යවේදීන්ට පහරදීම පිළිබඳව ඔහු වෙත  ඇඟිල්ල දිගුකිරීම?මෑතක දී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාද මාධ්‍ය තුළින් එවැනි  ඇඟවීමක් කර තිබීම නිසා මේපිළිබඳව විවෘත ප‍්‍රකාශයක් කිරීම ෆොන්සේකා මහතාගේ දේශාලන පාරිශුද්ධ භාවයට වැදගත්වනු ඇත.

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පවා ලංකාවේ ජාතික ප‍්‍රශ්ණයට පිළියම් වශයෙන් දේශපාලන විසඳුමක් පිළිබඳව කථා කළ බව රටේ ජනතාවගේ මතකයේ පවතී. ජාතික ප‍්‍රශ්ණය පිළිබඳව ඔහුගේ මතය ප‍්‍රකාශ කරන්නට ඔහු මැලිවෙනවාද? නැතහොත් ජනප‍්‍රිය සිංහල බෞද්ධ අධිපතිවාදයේ මෙහෙයුම්කරුවෙකු ලෙස පමණක් දේශපාලනයේ යෙදෙන්නට කල්පනාකරනවාද?

එසේත් නැතහොත් ජෙනරාල්වරයාගේ පූ ර්‍ණ නිදහස මෙන්ම රටේ සියළු ජන කොටස්වල නිදහස හා ප‍්‍රජාතන්තවාදය වෙනුවෙන් හා ඔවුන් පීඩාවට පත්කිරීමට එරෙහි ඒකාබද්ධ අරගලයකට ජෙනරාල් ෆොන්සේකා සූදානම් ද?

මේප‍්‍රශ්ණවලට සෘජු පිළිතුරු ලබාදෙන්නට ජෙනරාල් ෆොන්සේකා අසමත්වන්නේ නම් ඔහු ලංකාවේ දේශපාලන භූමියතුළ තවත් අසමත් නායකයෙක් පමණක් වන්නේය

 

-ධර්මසිරි ලංකාපේලි

 

 

Comments

 
-4 # Nuwan 2012-06-02 13:32
Me lipiye samahara karunu weradiyi. mokeda meke thiyenawa eka thanaka JVP eken wenunu prabala pirisak lesa peratugami nadaya gena. eththatama eyala JVP ekaen wenunata loku balapemak wela ne .thamath rate janathawa piliganne JVP eka thama wamansika pakshayak widiyata. anika oya Peratugamin ayin une SF pranaya nisa newe. Pakshe athule horen kalli hadala eka eliunama wenakaranna deyak nathi nish.
anika SF election ekata apuwelawe oya nari rela eyata weda kala. ekayi aththa. Den karanna deyaknatuwa LTTE saha NGO walata set wela deshapalana wigraha kalata eyalata beme padanamak ne. athi wamawadi ladaru wipplawa kulappu karayinta ape rathe thenak neha .
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.