A+ R A-

හොර ක්‍රියාකාරී සැලැස්ම ස්වෛරීත්වයට හානියක් - සජිත්

E-mail Print PDF

altඋගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන්සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරී සැලැස්මස් සකස් කරමින්සිටින බවත් එය රහසිගතව සිදු වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම සැලැස්ම රහසිගත සකස් කරන්නේ එය රටට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කිරීමට බව පවසන සජිත් ප්‍රේමදාස මහතා එමගින් රටේ ස්වෛරීත්වයට හානි සිදු වන බවද පෙන්වා දෙයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත් එමගින් රට සුඛිත මුදිත තත්වයට පත් වන බවත් එජාප නියෝජ්‍ය නායකවරයා වැඩිදුරටත් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ බෝධි රණසිංහ පදනමේ පැවති මාධය හමුවකදීය.

කෙසේ වෙතත් විද්වතුන් පෙන්වා දෙන්නේ මෙම වාර්තාව ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට කිසිවක් සිදුනොවන බවයි.

This content has been locked. You can no longer post any comment.