A+ R A-

විදේශ ඇමති ජී.එල්.ද ? වාස්ද? - දකුණු අප්‍රිකාවටත් ප්‍රශ්නයක්!

E-mail Print PDF

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ජී.එල්. පීරිස් මහතාද, නැතහොත් සජින් වාස් ගුණවර්ධන මහතාද යන්න තෝරාගත නොහැකිව දකුණු අප්‍රිකාව් සැලසුම් කොමිෂම පිළිබද අමත්‍ය ට්‍රේවර් මැනුවෙල් මහතා පසුගියදා දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි කින්ස්ග්මීඩ් ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා පැවැති දකුණු අප්‍රිකානු රාජ්‍ය පරිපාලන ඇමති රජක්‍රිෂ්නන් මහතාගේ අවමංගල්‍ය උත්සවයකදී මෙය සිදුව තිබේ. රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැති මෙම අවමංගල්‍ය උත්සවයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝක ප්‍රකාශ දෙකක් ලැබී තිබී ඇත. ඉන් එකක් අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගෙන් වන අතර අනෙක සජින් වාස් ගුණවර්ධන මහතාගෙනි. එහිදී බලවත් අපහසුතාවට පත්වූ අවමංගල්‍ය කටයුතු මෙහෙයවූ එරට ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයකුවන ට්‍රේවර් මැනුවෙල් මහතා එම ප්‍රකාශ දෙකෙන් ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශය කුමක්දැයි සොයාගත නොහැකිව එම ප්‍රකාශ දෙකම කියවා තිබේ. මෙම අවමංගල්‍ය උත්සවය දකුණු අප්‍රිකාව පුරා සජීවීව විකාශය කර ඇත.

විදේශයකදී පැවැත්වෙන අවමගුල් උත්සවයකදීවත් එක්ව අදහසක් ප්‍රකාශ කළ නොහැකි තත්වයට අදවන විට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය පත්ව ඇති බව මෙම සිදුවීමෙන් පැහැදිලිවේ.

This content has been locked. You can no longer post any comment.