අන්ධභාවයට පත් පුද්ගලයින්ට පෙනීම ලබා දිය හැකි විද්‍යුත් උපකරණයක් බ්‍රිතාන්‍යයේදී සාර්ථකව අත්හදා බැලූ බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. පූර්ණ අන්ධභාවයේ පසු වු පුද්ගලයින් දෙදෙනකු සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් අක්ෂි රෝහලේදී මේ උපකරණය සාර්ථකව බද්ධ කර ඇතැයි එම පුවත් සේවය වාර්තා කළේය.
සැත්කමින් අනතුරුව තමන්ට ඉතා සමීපයේ පවතින රේඛා සහ නැමි හඳුනාගත හැකි වූ බව එම පුද්ගලයින් පවසා ඇත. කෙසේ වෙතත් තවමත් දුරින් පිහිටි වස්තූන් නිරීක්ෂණය දූෂ්කර බව ද ඔවුහු පවසති.
පූර්ණ අන්ධභාවයේ පසුවු පුද්ගලයකුට බ්‍රිතාන්‍යයේදී කිසියම් පෙනීමක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බව ප්‍රථම සැත්කම කරන ලද මහාචාර්ය මැක් ලැරෙන් පවසයි.
ඇසෙහි පසුපස ප්‍රදේශයේ ඇති දෘෂ්ටිවිතානය නම් කොටසෙහි ඡායාරූප සංවේදී සෛල අක්‍රියවීම හේතුවෙන් මොවුන් අන්ධභාවයට පත්ව තිබේ.අදාළ පුද්ගලයින්ගේ දෘෂ්ටිවිතානය ආශ්‍රිතව ආලෝක සංවේදි පික්සෙල් 1,500ක ධාරිතාවක් සහිත ඉලෙක්ට්‍රොනික චිපයක් බද්ධ කර තිබේ.
ඇසට ආලෝකය ඇතුළු වූ විට උද්ධීපනය වන එම පික්සෙල දෘෂ්ටි ස්නායුවට විද්‍යුත් සංඥාවක් ලබාදෙන අතර එය ස්නායු පද්ධතිය හරහා මොළය වෙත යැවීමෙන් පෙනීම ලැබෙනු ඇති.
මෙහිදී ප්‍රතිස්ථාපනය වනුයේ, මූලික වශයෙන් කළුසදු දෘෂ්ටියක් පමණි.
කෙසේ වතත් උපකරණ බද්ධකරගනු ලැබූ අනෙක් පුද්ගලයා පවසන්නේ, තමන් වසර 25කට පසුව යළිත් වරණවත් සිහින දකින බවයි.






