A+ R A-

මරදානෙන් අක්කර 16ක් චීනයට

E-mail Print PDF

 

මරදාන දුම්රිය සේවා මූලස්ථානය පිහිටි භූමිය චීන හෝටල් සමාගමකට විකීණීම සඳහා පිඹුරුපත් සැකැසෙමින් පවතින බව වාර්තා වේ.

මරදාන ටෙක්නිකල් හන්දිය ඉදිරිපිට පිහිටි මෙම භූමි භාගයේ ප‍්‍රමාණය අක්කර 16ක් වන අතර එය භූ විද්‍යාත්මකව කොටුව හා පිටකොටුව ප්‍රදේශයේ ඇති එකම කුඩා කඳු ගැටයක් සහිත භූමිය ද වේ. මෙම වටිනාකම සලකා එය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙය චීන සමාගමක් වෙත විකුණාදැමීමට කටයුතු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහයේදී එහි සිටි සේවිකාවක් සඳහන් කළේ සාමාන්‍යාධිකාරීවරයා සාකච්ඡාවක බැවින් සම්බන්ධ කරගැනීමට අපහසු බවයි.

එහෙත් මේ වන විට අදාළ භුමියෙන් දුම්රිය සේවා මූලස්ථානය ඉවත් කිරීමට කටයුතු සැකැසෙමින් පවතින බවට ද වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළේය.

This content has been locked. You can no longer post any comment.

Advertisment

advertisment