නොකඩවා ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය අතහැර දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව එක් කණ්ඩායමකට ප්‍රසාද ලකුණු 01 බැගින් හිමිවේ.
අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. තරඟය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 5ක් තුළ කඩුළු තුනක් දැවී ලකුණු 146ක් ලබා සිටියේය.
ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 4ක්ද, උපුල් තරංග ලකුණු 6ක්ද, මහේල ජයවර්ධන ලකුණු 23ක්ද ලබා ගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 73ක් සහ තිලාන් සමරවීර ලකුණු 34ක් ලබා සිටියේය.







