වාද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරිසූරියගේ ඉන්ද්‍රානි නමැති කාන්තාව අද දහවල් වෙඩිතබා ඝාතනය කර තිබේ.
ඇයගේ සැමියා මීට ඉහතදී පාතාල කල්ලියක් විසින් ඝාතනය කරන ලද අතර අද ඝාතනයට ලක් වූ කාන්තාව එහි ප්‍රධාන සාක්ෂිකාරියයි. මෙම නඩුව හෙට විභාගයට ගැනීමට නියමිතව ඇත.
අධිකරනය හමුවේ සාක්ෂි ලබා නොදෙන ලෙස පාතාල කල්ලියක් විසින් ඇයට අවස්ථා කිහිපයකදීම දුරකතන මගින් තර්ජනය කර තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
ඇය පාරේ යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීම සිදු කර ඇත.







