පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණ කෙළෙහි ගුණ දන්නා ජනතාවක් රටේ සිටින බව ලෝකයාට පෙන්වීම යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැලියකට එක් වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ පිරිස් සන්ධානයට බැඳෙන්නේ මුදල්ද දෙමින් යැයි ජනාධිපතිවරයා පැවසීය.
“දැන් එතුමන්ලා බැඳෙනකොට මට ලිපි කවරයක් දුන්නා. මම එහි මොනවද තියෙන්නේ කියලා බලපුවම රුපියල් දහස බැගින් මට දෙන්නේ මැතිවරණ ව්‍යාපාරයට යොදවන්න කියලා. මේ සල්ලි දීලා බැඳෙන යුගයක්. මෙයින් පෙනෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ කෙරෙහි විශ්වාසයක් නැති බව. මේ දියාරු වෙලා තිබෙන විපක්‍ෂයක්. රටට වැඩක් කරන්න බැරිව සමහරු සුළු කාරණා නිසා බොරුවට කෑ ගසමින්, පෙළපාලි යනවා. අද ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරුන් එනවා.“ යැයිද ඔහු සඳහන් කළේය.
දුටුගැමුණු රජතුමා ඉගැන් වූ ලෙස තමන් සතුරාටවත් වෛර නොකරන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.








