මේ මස තුළ පමණක් ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශීය රටවලට පැන යාමට උත්සාහ දැරූ 640 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්ව ඇති බව නාවික හමුදාව පවසයි.
ඒ ආකාරයට ඊයේ රාත්රීද 103 දෙනෙකු පමණ රටින් පැන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්ව තිබේ. ත්‍රිකුණාමලය මුහුදෙන් යාත්‍රා කළ 34 දෙනෙකුද, මීගමුව මුහුදෙන් යාත්‍රා කළ 25 දෙනෙකුද සහ 44 දෙනෙකුකෙන් සමන්විත ධීවර යාත්‍රා දෙකක්ද මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස මේවන විට ත්‍රිකුණාමලයට සහ මීගමුවට රැගෙනවිත් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.







