නාවලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු ඇතුළු දෙදෙනෙකු විසින් පැහැරගෙන ගොස් දින දෙකක් සිරකරගෙන තබාගෙන 15 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සහ ඒ පිළිබඳ විභාගයට ගිය පොලිස් සැරයන්වරයකු ඇතුළු තීරෝද රියදුරකුද ඇය වෙනත් ලැගුම්හලකට රැගෙනගොස් දූෂණය කිරීම යන සිද්ධි පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායමේ සිටි උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු හදිසියේම වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබේ.
එම පොලිස් කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත නාවලපිටිය පොලීසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය හා උප පොලිස් පරීක්ෂකවරයාද ඇතුළත්ය.








