A+ R A-

සත්‍ය ඝාතකයින් රැකීමට ආණ්ඩුව අභූත ප්‍රකාශ නිකුත් කරනවා - ටිල්වින් සිල්වා

E-mail Print PDF

 

හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ සිදුවූ ඝාතනය සම්බන්ධ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනඒම වෙනුවට ආණ්ඩුව මැදිහත්ව මෙම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රශ්නයකට ලඝු කර සත්‍ය ඝාතකයින් නිදහස් කිරීමට උත්සාහ දැරීම බරපතළ තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඝාතනයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත්, වහාම මේ සම්බන්ධව චෝදනා එල්ලව ඇති පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ප්‍රකාශ කළේය.

අදාළ වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයින් කටුවන ප්‍රදේශයේම වෙසෙන අය බවත්, අදාළ රැස්වීමට පැමිණි කටුවන ප්‍රදේශයේ වැසියන් ඔවුන් හඳුනාගෙන ඇති බවත් ටිල්වින් සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව වෙඩි තැබූ පුද්ගලයින් පිළිබඳව ඔවුන්ගේ නම්, ගම් සහිතව පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම සිදුවීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය මත පටවමින් ආණ්ඩුව ඇඟ බේරාගැනීමට උත්සාහ දැරීම විහිළුවක් පමණක් බවත්, ආණ්ඩුව විසින් දැන් සිදුකළ යුතුව ඇත්තේ ඉදිරිපත් වූ පැමිණිලි අනුව කටයුතු කිරීම බවත් මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටියේය. 

Comments

 
0 # Nirmal 2012-06-16 18:22
Saba gathakayoo elawa dameeemata perata emuuu.....JVP Petto kiyla bedenne nathuwa ekathu wela militarywdaya winasha karamuuu
Reply | Reply with quote | Quote
 
 
0 # anusa 2012-06-16 20:08
කුමාර්-දිමුතු පැහැර ගත් ෙවලාෙව් ෙම් කට්ටිය කෙලත් අද අාණ්ඩුව කරන වැෙඩ්ම තමයි. අාණ්ඩුව කුමාර් දිමුතු පැහැර ගත් ෙවලාෙව් ෙමයාලා කිව්ෙව් ඒ්ක කෙෙල් ෙපරටුගාමි පඣෂයට ප%චාරයක් ගන්න කියලා.ඒ ධනපති ආණ්ඩුවට එල්ල වන චෝදනාවෙන් ආණ්ඩුව නිදහස් කර ගන්න මේගොල්ලෝ කරපු සේවය. ධනපති ආණ්ඩුව දැන් මේගොල්ලොන්ගෙන් ඉගනගෙන මේ වෙලේ ආණ්ඩුව ඒකම කියනවා. පංති සටනෙන් බැහැර වෙච්ච වමේ පඣෂයකට ධනපති ආණ්ඩුවකින් ඔයට වැඩිය දෙයක් බලාපො‍රොත්ත= වෙන්න බෑ. මහින්දගේ ආණ්ඩුවේ මැරයෝ මරාදාපු මේ අම්මලා දූ ලා තමයි 2005 දී මහින්දව බලයට ගෙන්න වැඩ කළේ. සත=රැ පංතිය මොකක්ද කියලා හොයාගන්න බැරි පැරණි වම වෙච්ච ජේ.වී.පී. එක ආනාගතයේදීත් ධනපති පංතියත් එක්ක සංධාන වලට යන එක නතර කරන එකක් නෑ. චම්මිික සුදන්ත මරපු ධනපති ආණ්ඩුවත් එක්ක තමයි 2004දී සංධානයට ගියේ. සංධානයකට යන්න ඕන වුනාම අද මෙහෙම කියන ටිල්වින්ලා කියයි. දේශපාලනයේදී සදාකාලික මිත=රන් හෝ සතුරන් නැහැ කියලා සාධාරණීකරණය කරයි. මේ ගොල්ලන්ට පැගෙන පංතිය ගැන කිසිම හැගීමක් නෑ. මේ ඔක්කොම බොරැ කථා.
Reply | Reply with quote | Quote
 
 
0 # gamaya1 2012-06-17 03:15
I condemn this killing wholeheartedly. At least now our JVP friends should understand who the real enemy is.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.