தமிழ்
English
Contact
Saturday 28th October 2017    
ජෝර්දානයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයට වෙඩි දෙදෙනෙකු මියයති « Lanka Views | Views of the truth

ජෝර්දානයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයට වෙඩි දෙදෙනෙකු මියයති



ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලය අසල වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ සිදුව ඇති මෙම සිදුවීමෙන් ජෝර්දාන් වැසියන් දෙදෙනා මියගොස් ඇත්තේ එම තානාපති කාර්යාලය අසලට යෑමේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයෙනි. ඊට අමතරව තානාපති කාර්යාලයේ සේවය කරන ඊශ්‍රායල් නිලධාරයකු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

පසුගිය සිකුරාදා දින සිට ජෝර්දානයේ වෙසෙන පලස්තීන ජනයා විසින් ඊශ්‍රායලට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබුනි. ජෙරුසලමේ පිහිටි අල් අක්ෂා දේවස්ථානයට පැමිණෙන පලස්තීන වැසියන්ට ඊශ්‍රයල් ආරක්ෂක අංශ විසින් කරනු ලබන බාධාවන්ට එරෙහිව විරෝධය පෑම එම උද්ඝෝෂණවල අරමුණවේ.

අල් අක්ෂා දේවස්ථානය පලස්තීන වැසියන් හා මුස්ලිම් වැසියන්ගේ පුරාණ සිට පැවැති එන වන්දනාමාන කරන පූජනීය ස්ථානකි. එසේම එම දේවස්ථානය ඊශ්‍රායෙල් යුදෙව් වැතිමතුන්ගේද පුදබිමකි ලෙස සැලකේ.

මෑතකදී එම දේවස්ථානය තුලට ඇතුළුවීමට විවිධ බාධාකිරීම්, හිංසා පීඩාවන්ට හා  අළුතින් ඉදිකරන ලද ආරක්ෂක බාධකයන් ඉවත් කළයුතු බවට උද්ඝෝෂකයින් පවසයි.

 




Related News