தமிழ்
English
Contact
Tuesday 3rd April 2018    
පාසල් කාලය අවුරුද්දකින් අඩු වේ! - පෙර පාසල් රජයෙන් පමණයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාසල් කාලය අවුරුද්දකින් අඩු වේ! – පෙර පාසල් රජයෙන් පමණයි!



ලංකාවේ දරුවන් පාසල් තුළ අධ්‍යාපනය ලබන කාලසීමාව අවුරුද්දකින් අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ආණ්ඩුවේ බලධාරින් සූදානම් වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙන නිසා එවැනි වෙනස්කම් සිදුකරන්නට පෙර යෝජනා ඇමතිවරයාට ලබාදෙන ලෙස පසුගිය වසර දෙකක කාලයක් තුළ විවිධ ආයතනවලට හා විද්වතුන්ට ඉල්ලීමක් කර තිබිණි.  අනුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් මේ පිළිබද ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ‘අපොස සාමාන්‍ය පෙළ‘ විභාගය 10 වසරේ දී පවත්වා ‘උසස්‌ පෙළ‘ විභාගය 12 වසරේ දී පැවැත්වීමට නිර්දේශිතය. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තවදුරටත් යෝජනා කර ඇත්තේ පාසල් යාමට පෙර සියලු දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කොට එකම විෂය නිර්දේශයක්‌ යටතේ මුල් ළමාවිය සංවර්ධන ක්‍රියාදාමය සම්පූර්ණ කළ යුතු බවයි.

ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස ‘සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය‘ සඳහා සකස්‌ කරන ලද යෝජනාවලියට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරින් ප්‍රකාශ කරන්නේ මෙබදු යෝජනා ජනාධිපති, අගමැති හා අධ්‍යාපන ඇමැතිගේ මැදිහත්වීමකින් පසු සාකච්ඡාවට ලක් කර ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.




Related News