Posted on 10.01.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ උපවාසය සඳහා අද(01) දින රුහුණ සරසවි උපාධිධාරී එකමුතුව සිය සහාය දක්වමින් සම්බන්ධ විය.
මෙම අඛණ්ඩ උපවාස ක්‍රියාමාර්ගයේ 42වන දින සඳහා රුහුණ සරසවි උපාධිධාරීන් විසින් සිය සහයෝගය මෙලෙස ලබා දී තිබූණි.
SAITM ආයතනය ඇතුළු අධ්‍යාපන පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිමින් කටයුතු කරන වත්මන් හවුල් ආණ්ඩුව ව්‍යාජ විසදුම් ලබා දෙමින් කල් ගත කිරීම හරහා සටන දියාරු කිරීමට උත්සාහ කලද දිනෙන් දින මෙම අරගලය හා සම්බන්ධ වෙමින් තිබෙන බලවේග හරහා ඉතිහාසයේ පුළුල්තම මහජන අයිතීන් රැකගැනීමේ වේදිකාව නිර්මාණය වී ඇති බව තහවුරු වෙමින් ඇත.
