தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
SAITM සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් නිකුත් කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

SAITM සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් නිකුත් කෙරේ



මාළඹේ SAITM ආයතනය සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් එළඹෙන 27වන දින කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමත්, SAITM ආයතනය ස්ථාන ගත කිරීමත් සිදු කිරීම සම්බන්ධයෙන් තමාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදි.

කෙසේ වෙතත් මාලඹේ SAITM ආයතනය ආහොසි කිරීමක් හෝ මුළුමනින්ම රජයට පවාරා ගැනීමක් සම්බන්ධයෙන් මෙතෙක් රාජයේ පාර්ශවයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති අතර ඊයේ(24) දින රජයේ වෛද්‍ය නිලාධාරීන්ගේ සංගමය ගෙනගිය අඛන්ඩ වැඩවර්ජනය ප්‍රකාශ 4ක් මූලික කර ගනිමින් තාවකාලිකව අත්හිටුවා තිබුණි.