தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
මීරියබැද්ද ඛේදවාචකයට වසර තුනක් – ඔක්තෝබර් 29 ‘කදුකර ජනතාවගේ ඉඩම් හා නිවාස දිනාගැනීමේ දිනය‘ නම් කරයි. « Lanka Views | Views of the truth

මීරියබැද්ද ඛේදවාචකයට වසර තුනක් – ඔක්තෝබර් 29 ‘කදුකර ජනතාවගේ ඉඩම් හා නිවාස දිනාගැනීමේ දිනය‘ නම් කරයි.



මීරියබැද්ද ඛේදවාචකයෙන් වතු කම්කරුවන් පණපිටින් වැලලී ගිය දිනය වූ ඔක්තෝබර් 29 ‘කදුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස දිනාගැනීමේ දිනය‘ නම් කර එම අයිතින් දිනාගැනීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරන බව වතු සේවක මධ්‍යස්ථානය පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු අරගල මධ්‍යස්ථානයට සම්බන්ධ මෙම වතු සේවක මධ්‍යස්ථානය විසින් ඊයේ (28) බදුල්ලේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණී.
මෙම අවස්ථාවේදී ‘වතු කම්කරු මධ්‍යස්ථානය’ වෙනුවෙන් සංවිධායක ලේකම් වසන්ත කුමාර අබේකෝන් අදහස් දක්වමින් මෙම කරුණු ඉදිරිපත් කරන ලදී.
“2014 ඔක්තෝබර් 29 කියන්නෙ කොස්ලන්ද මීරියබැද්ද නායයාමේ ඛේදවාචකය විසින් ජීවිත 34ක් අහිමි කළ නිවාස විනාශ කළ දවස. හරියටම මීට අවුරුදු තුනකට කලින් වූ එම සිදුවීම නිමිති කරගෙන 2017 ඔක්තෝබර් 29 වැනිදා ‘කදුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස දිනාගැනීමේ දිනය‘ ලෙස නම් කරලා කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් වැඩපිළිවෙළක් ආරම්භ කළා. එය වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය වෙනුවෙන් හඩ නගන ජාතික උද්ඝෝෂණ දිනයක් ලෙස නම් කරමින් අපි මේ දානය තුළ කටයුතු කරන්න සහ ජනතා බලවේග සමග වැඩ කරන්න ‘වතු කම්කරු මධ්‍යස්ථානය’ බලාපොරොත්තු වෙනවා.
අපි දන්න දෙයක් තමයි මීරියබැද්ද ඛේදවාචකයෙන් පස්සෙ දේශපාලකයන් විශාල ප්ර මාණයක් ආවා. ජනාධිපතිවරණය කිට්ටුව නිසා හිටපු ජනාධිපති සහ විපක්ෂ දේශපාලකයන් වැල නොකැඩී ආවා. මාධ්‍ය පවා විශාල අවධානයක් දුන්නා. නමුත් ටික කාලයකින් ඒ සියල්ල අමතක කරනු ලැබුවා. ඒ අමතක කිරීම නිසා 2015නොවැම්බර් 1 වැනිදා මීරියබැද්දේ ජනතාවට සිදුවුණා තමන්ට දෙනවා කිව්ව නිවසා හා ඉඩම් ඉල්ලලා පාරට බහින්න. නිවාස ලබාදෙන පොරොන්දු කඩකළ නිසා බණ්ඩාරවෙල නගරයට ඇවිත් විශාල උද්ඝෝෂණයක් කළා. මීරියබැද්ද නායයාමෙන් අවතැන් වූ ජනයා ඒ වනවිටත් පූනාගල තේ පැක්ටේරියක පවුල් 80ක් පමණ ගාල් කරලා හිටියෙ. මේ විදියට දෙතුන් වතාවක් පාරට බැහැලා, බණ්ඩාරවෙල නගරයට ගිහිල්ලා විරෝධය පළ කළා. එහෙම ලොකු අරගලයක් කළාට පස්සෙ තමයි නිවාස ලැබුනේ. ඛේදවාචකයක් වුණාට පස්සෙ දේශපාලකයො සහ ජනමාධ්‍ය මැදිහත් වෙලා පස්සෙ මගහැර යනවා.
නමුත් කදුකරය පුරාම තියෙන්නෙ නායයාමේ අනතුරු. වැඩිපුරම ඒ අවදානමේ ඉන්න වතු නම්කරු ජනතාව අවදානමෙන් ජීවත් වෙන්නෙ. මේ රටේ ජාතික ආදායමට තමන්ගෙ ශ්රාමයෙන් දායක වන ජනතාවක් මේ විදියට අනතුරට ලක්වෙලා ඉන්නෙ. 1978 දක්වාම ලංකාවෙ ආර්ථිකයෙ පළමුවැනි ආදායම් දායකත්වය දුන් ජනතාව මේ අය. මේවනවිටත් ලංකාවෙ ආර්ථිකයෙ තුන්වැනි ආදායම් දායකත්වය ලබා දෙන කම්කරුවන් තමයි මේ වතුකරයෙ වාසය කරන්නෙ. බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර වැනි කදුකර දිස්ත්ර ක්ක ගණනාවක මේ ප්රයහ්නය බරපතල ලෙස තියෙනවා. ඊයෙ හගුරන්කෙත නායයාමක් සිදුවුණා. පසුගිය මාස 6 ඇතුළත නිරිත දිග මෝසම සක්‍රියවීමෙන් පසුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක විශේෂයෙන් කිරිබත්ගල කන්ද නායයාමෙන් ජීවිත ගනනක් විනාශ වුණා. ඒ හැමතැනම එකා දෙන්නා විතරක් නෙවෙයි, සමහරවිට 12ක් විතර පස්කදුවලට යටවුණා. මේ රටේ වැඩකරන, ආදායම් උපදවන්නට ශ්ර මයෙන් දායකවන ජනතාව මේ විදියට බිලිවෙන්නෙ. දැන් මේ කදුකර දිස්ත්‍රික්කවල ආපදාවට ලක්වන්නට නියමිත එහෙම නැත්නම් අවදානම් කලාප ලෙස නම් කළ ප්‍රදේශවල ජනතාව ජිවත් වෙන්නෙ යන්න එන්න තැනක් නැති නිසා. රජය ඒ අයට ඉවත් වෙන්න නියෝග කළාට කොහේ කියලා ඔවුන් යන්නද? වාර්තාවන විදියට වතුකම්කරු පවුල් 240,000 ක් පමණ කදුකරයෙ වාසය කරනවා. සමස්තයක් ලෙස ජනගහනය පමණක් 966,000ක් කදුකරයෙ ජීවත්වනවා. දැන් අපි ගිහිල්ලා බැලුවොත් ඒ නිවාස පිළිසකර කරලා පාවිච්චි කරන්නත් කවුරුවත් කැමති නෑ. ඒ අය පදිංචි කර තිබෙන්නෙ කාටවත් පාවිච්චි කරන්න බැරි නුසුදුසු ඉඩමක. අද පවා වතුකරයේ කදු මුදුන්වල ලැයින් කාමර තිබෙනවා. දැන් මේ කාරයක ගැහැනු පිරිමි ළමා ළපටි අටක් නවයක් එක ගොඩේ ජිවත් වෙන්නෙ. මේ ලයින් කාමරවල පොදුවේ කිසිදු පහසුකමක්වත් නෑ. ඔබ දන්නවා මේවගෙ ජීවත් වෙන විදිය ගැන. මේ රටේ පැරණිතම වැටුප් ශ්‍රමික කාණ්ඩයක්වන ඔවුන් ජිවත් වෙන හැටි දකින්න ලැබෙනවා.
ඒ නිසා මේ කදුකර ජනතාවගේ අයිතිය ඉල්ලා සිටින වැඩ සටහනක් අපි ආරම්භ කළා. සොච්චම් වැටුපක් ලබන, කිසිදු මූලික පහසුකමක් නැති, තමන්ට කියලා ලිපිනයක්වත් නෑ, පාසලක් හරියට නෑ, රෝහල් නෑ, එහෙම පහසුකම් නැතිව මේ ජනතාව විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුන දි සිටිනවා. මේ අය අමු අමුවේ පස්කදුවලට යටවෙමින් ඉන්නවා. ඔවුන් හැමදෙනාම පස්කදුවලට යට වුණාමද ප්‍රශ්නය විසදන්නෙ? මේ ජනතාවගෙ ප්‍රශ්න අරගෙන වෘත්තිය සමිති නායකයන් ඉදිරිපත් කලාම අගමැතිවරයා කැකිල්ලෙ පන්නයේ විසදුම් දෙන්නෙ. වතු කම්කරුවන්ගෙ දැන් ජීවිතවලට බලපාන ප්‍රශ්න කිව්වම එයා කියනවා වතු වගාව අයින් කරලා වෙනත් වානිජ බෝගවලට ඉඩ සලසනවලු. යන්නෙ ප්‍රශ්නයක් ගැන කතාකරන්න. දෙන්නෙ කැකිල්ලෙ උත්තර. මේක තමයි මේ රටේ පාලකයන් කරන වැඩේ.
ඒ නිසා අපි කියනවා, රටම මීරියබැද්දක් කරගන්න ඕන නෑ. මේ ජීවිත මැරිලා ගියාම අවධානය යොමුකරලා වැඩක් නෑ. ඒ නිසා වහාම මේ ජනතාවගේ ඉඩම් හා නිවාස ප්රශශ්නය විසදිය යුතු බව අපි කියනවා. පවුල් 240,000ක් ඉන්න කදුකරයෙ කම්කරු ජනතාවට නිවාස තියෙන්නෙ එක්ලක්ෂ පාලොස්දාහක් විතර. දැන් ආණ්ඩුව කියන්නෙ ලක්ෂ 12ක් වතු කම්කරුවන්ගෙ නිවාසයක් වෙනුවෙන් වෙන් කරන බවයි. නමුත් සමහර කම්කරුවන්ට ලක්ෂ 6ක් පමණයි ලැබෙන්නෙ. ඒකෙන් මේ අයට පුලුවන් නිවසේ බාගෙට හදන්න විතරයි. සමහර නිවාසවල කොටස් හදන්නෙ. තවද් සමහර නිවාස බිම සිමෙන්ති දාලා නෑ. කපරාරු කරලා නෑ. සමහරවිට වහලෙ හදාගන්න සල්ලි නෑ. ඒ විතරක් නෙවෙයි, ඒ දෙන ඉඩම්වල අයිතියක් ඒ අයට නෑ. ඒ අයට ණයක් දෙනවා රුපියල් 9000ක් ඒකෙ ණය කැපුනම ඒ අයට ජිවත් වෙන්න මුදලක් ඉතිරි වෙන්නෙ නෑ. නිවාස නොමැතිකම පොදුවෙ රටේ ජනතාවට අදාල ප්ර ශ්නයක් තමයි. නමුත් වතුකරයේ ජනතාවට ඒක සුවිශේෂ ප්රැශ්නයක්. පසුගිය දවස්වල මීරියබැද්දට ආණ්ඩුවේ පිරිස් මැදිහත් වෙලා දුන් ඔප්පුවට අයිතියක් හෝ වටිනාකමක් නෑ. මේ ආණ්ඩුව දෙනවා කිව්වට කිසිදු වැඩපිළිවෙළක් නෑ. අන්න ඒ නිසා තමයි අපි ඔක්තෝබර් 29 මීරියබැද්ද කේදවාචකය සිදුවුන දවස නිසාකාටත් අමතක නොවන දිනයක් ලෙස අවධානය යොමු කරන්න ‘කදුකර ජනතාවගේ නිවාස සහ ඉඩම් දිනාගැනීමේ දිනය‘ ලෙස අපි ජාතික මට්ටමෙන් අපි කටයුතු කරන්නෙ. “
මෙම මාධ්‍ය සාකච්ඡාවට වතු කම්කරු මධ්‍යස්ථානයේ ලේකම් මණ්ඩල සාමාජික මාක්ස් ප්‍රබාගර්, වතුකම්කරු මධ්‍යස්ථානයේ පිටරත්මලේ ශාඛාවේ ෆර්හාන් සහ අරනායක සාමසර කන්දේ නාය යාමෙන් පීඩාවට පත්වූවන්ගේ ජනතා එකමුතුව වෙනුවෙන් සුරංග ලාල් යන නියෝජිත පිරිසක් සම්බන්ධ වූහ.

Save

Save

Save

Save