தமிழ்
English
Contact
Sunday 29th April 2018    
සයිටම් විරෝධයට එක් වූ වෘත්තිය සමිති නියෝජිතයාට පළිගැනීම් මාරුවක්! « Lanka Views | Views of the truth

සයිටම් විරෝධයට එක් වූ වෘත්තිය සමිති නියෝජිතයාට පළිගැනීම් මාරුවක්!



සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බල කරමින් පසුගිය 02 වැනිදා පැවැති ජාතික විරෝධතා දිනයට සම්බන්ධ වීම නිසා ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ආර්.ජී. විජේසේන ගාල්ල කාර්යාලයට මාරු කර යවමින් පලිගැනීමට ලක් කර තිබේ.

ජූලි මස 31 වැනිදා රාත‍්‍රී ඉංජිනේරු සංස්ථා සේවක සංගමය විසින් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බල කරමින් එම ආයතනය ඉදිරිපිට බැනරයක් ප‍්‍රදර්ශනය කරනු ලැබීය. ඊට පසුවදා ඉංජිනේරු සංස්ථාවේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයා මැදිහත් වී එම බැනරය ඉවත් කර තිබේ. එමෙන්ම, මෙවැනි විරෝධතාවලට සම්බන්ධ නොවන ලෙස ඔහු විසින් ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ සාමාජිකයන්ට තර්ජනය කර ඇත.
කෙසේවෙතත්, අගෝස්තු මස 02 වැනිදා පැවැති ජාතික විරෝධතා දිනයේදී ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට සයිටම් අහෝසි කරන ලෙස බල කෙරෙන විරෝධතා බැනරයකට අත්සන් ගැනීමද සිදු කෙරිණි. ඉන් පසුව එම ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයා බැනරයට අත්සන් කළ සේවකයන් ගෙන්වා ඔවුන් කොළඹින් බැහැර ප‍්‍රදේශවලට මාරු කර යවන බව පවසමින් තර්ජනය කර තිබේ. ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ ලේකම් ආර්.ජී. විජේසේන ගාල්ල කාර්යාලය වෙත මාරු කර යවා ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය. මේ සම්බන්ධයෙන් සේවකයන් විමසූ විටද ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ සයිටම් විරෝධී ක‍්‍රියාකාරකම් සිදු කරන නිසා මෙම මාරු කිරීම සිදු කළ බවයි.