தமிழ்
English
Contact
Friday 9th March 2018    
රනිල්ගෙ දේශපාලනයේ 40 වසර සමරන්නට ස්වදේශ කටයුතු අමාත්‍යංශ නියෝගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල්ගෙ දේශපාලනයේ 40 වසර සමරන්නට ස්වදේශ කටයුතු අමාත්‍යංශ නියෝගයක්!



අගමැතිගේ දේශපාලනයට 40 වසරක් පිරීම හා විවෘත ආර්ථිකයට 40 වසරක් පිරීම වෙනුවෙන් රාජ්‍ය උත්සව සංවිධානය කන්නට ස්වදේශ කටයුතු අමාත්‍යංශය මුල් වී කටයුතු කරන බව හෙලි වී තිබේ. මේ බව හෙළිවන්නේ ‘ගරු අග්‍රාමාත්‍යතුමාගේ ෙපාදුජන සේවයට සහ විවෘත ආර්ථික ක්‍රමයට 40 වසරක් පිරීම‘ යන මැයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයෙනි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නීල් ද අල්විස් විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ ‘හදිසි‘ නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව අගෝස්තු මස 03 වැනිදා රාත්‍රි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිරිත් පිංකමක් සංවිධානය කිරීමට වගබලාගන්නා ලෙසත් ඊට ප්‍රදේශවාසී ජනතාව සම්බන්ධ කරගන්නා ලෙසත් නියෝග කර ඇත. ඉන්පසුව භික්ෂුන් වහන්සේලා 40ක් සදහා දානය පිරිනැමිය යුතු බවද නියෝගයේ සදහන් වේ.

මීට අමතරව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක බෝධි පූජා 4ක් පැවැත්විය යුතු බවද දන්වා ඇත. එසේම බෞද්ධ, කිතුනු, හින්දු හා මුස්ලිම් ආගමික ස්ථානවල ආගමික කටයුතු සංවිධානය කිරීමට ස්වදේශ කටයුතු ආමත්‍යංශය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට විසින් නියෝග කර ඇත. විවෘත ආර්ථිකයේ 40 වසර වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම හරහා රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රතිරූපය එසවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව ‘ලංකාවීව්ස්‘ විසින් මින් පෙර අනාවරණය කරන ලදී.

Save




Related News