Posted on 09.18.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සැප්තැම්බර් 26 වැනිදායින් පසුව නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවල මැතිවරණ පළාත් පාලන මැතිවරණයට පෙර පැවැත්වෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.
කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල ද, අනනුකූල නොවේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 19 වැනි අඟහරුවාදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. එහිදී එම සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කර ඇත්නම් පළාත් සභා මැතිවරණය මින් පෙර ආකාරයටම කොටස් වශයෙන් වරින්වර පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කළ යුතුය. ඒ අනුව, මැතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ඔක්තෝබර් මස 02 වැනිදා මැතිවරණ කොමිසම නිකුත් කරනු ඇත. එසේ වුවහොත් මේ මස 26 වැනිදායින් පසුව නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් සභාවල මැතිවරණ නොවැම්බර් අවසානයේ පැවැත්වීමට දින නියමවනු ඇත.