Posted on 11.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යාපනයේ පලාලිහි පිහිටි උතුරු ආරක්ෂක සේනා මූලස්ථානය සදහා පවරාගෙන ඇති සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා යුද සමයේ ඉවත්කරනු ලැබූ ජනතාව අද(05) ඒ ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
පාරම්පරික ඉඩම් යුද කදවුර වෙනුවෙන් පවරා ගැනීම හේතුවෙන් එහි වාසය කළ ජනතාවට 27 වසරක් අවතැන් කදවුරුවල වාසය කරන්නට සිදුව ඇති බව කියනු ලබයි. එසේම යාපනය වලිකාමම් උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජීවත් වූ පවුල් විශාල පිරිසක් තවමත් යාපනය ප‍්‍රදේශයේ අවතැන් කඳවුරු තුළ ජීවත්වනබව අනාවරණය විය. පවුල් 1200 කට වැඩි පිරිසකගේ මුල් ඉඩම් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන කලාපය තුළ පවතින නිසා යුද්ධයක් නොමැති කාලයකදී ආරක්ෂක අංශ පවරාගෙන ඇති තමන්ගේ පාරම්පරික ඉඩම් නිදහස් කළ යුතු බවට විරෝධතාකරුවන් ඉල්ලා තිබේ.
දෙමළ ජාතික සන්ධානයෙ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන් සහ දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් විරෝධතාවයට එක්ව සිටියහ.

පලාලි කදවුර තුළ සිවිල් වැසියන්ගේ නිවාස විනාශයට පත් වෙයි…