රජය සතු තවත් ආයතනයක් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය
Posted on 08.03.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කොළඹ හිල්ටන් හෝටලයට අයත් රාජ්‍ය හිමිකාරීත්වය සතු ආයතනයක් වන හොටෙල් ඩිවලොපර්ස් සමගමේ කොටස් පූර්ණ වශයෙන් විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මේ අනුව පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සතු හොටෙල් ඩිවලොපර්ස් ලංකා පුද්ගලික සමගමේ (Hotel Developers (Lanka) Plc) කොටස් වලින් 51% ප්‍රමාණයක් තෝරාගත් ආයෝජකයෙකුට පැවරීමටත්, 45% ප්‍රමාණයක් කොළඹ කොටස් හුවමාරුවේ ස්ථාවර මිලකට විකුණා දැමීමටත් ඉතිරි කොටස් 04% ප්‍රමාණය එහි සේවකයන්ට විකිණීමටත් අනුමැතිය හිමිවී ඇත.
මෙම විකිණීමට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් විසින් ඉදිරිපත් කර තිබුනි. හිල්ටන් හෝටලයේ පහසුකම් සම්පාදනය වෙනුවෙන් විශාල මුදලක් සම්පාදනය කිරීමට සිදු වීම සහ එවන් ආයෝජන සිදු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යක් නොවන බව පවසමින් මෙම විකුණා දැමීම සිදු කරන බව අමාත්‍ය මණ්ඩල යෝජනාවෙහි සඳහන්.
කෙසේ වෙතත් හිල්ටන් හෝටලය සඳහා පහසුකම් සැලසීම අදාළ ආයතනයෙහි ප්‍රමුඛ මෙහෙයුම් කාර්ය වන අතර ඒ සඳහා එම සමාගමට විශාල ආදායමක් හිමි වේ. 2015 එම සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව මාස 09ක ලාභය රුපියල් මිලියන 26.6ක් ලෙස සඳහන් වේ.
හොටෙල් ඩිවලොපර්ස් ලංකා පුද්ගලික සමගමේ වාර්ෂික වාර්තාව 2015 (අදායම් ප්‍රකාශය සහ ශේෂ පත්‍රය)
