தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ජනාධිපති - තෙල් සේවක සාකච්ඡාව පුස්සක් - වරාය ගිවිසුම අත්සන් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති – තෙල් සේවක සාකච්ඡාව පුස්සක් – වරාය ගිවිසුම අත්සන් කරයි



ඛනිජ තෙල් සංස්ථා දේපළ විකිණිමට එරෙහිව ඛනිජ තෙල් සේවකයන් විසින් ගෙන ගිය විරෝධය මැඩ පවත්වමින් හමුදාව හා විශේෂ කාර්ය බලකාය යොදවා ඒ අතරතුර ගිවිසුම අත්සන් කිරීම කල්තබන බවට සාකච්ඡාවලට පැමිණි තේල් සංස්ථා සේවකයන්ට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව පුස්සක් බව සනාථ කරමින් හම්බන්තොට ගිවිසුම අද අත්සන් කරන්නට නියමිතය.

චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ග්ස් සාමාගම සහ ආණ්ඩුව අතර ඇතිවෙන ගිවිසුම මත වාරය සහ ඒහි ක්‍රියාකාරකම් සහ එයට අයත් භූමිය 70% වඩා වැඩි ප්‍රමාණයක් වසර 99කට චීන සමාගමට හිමිවන අතර මෙම ගිවිසුම රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ගිවිසුමක්(Public Private Partnership) ලෙස ක්‍රියාත්මක වන බව පවැසේ.

මේ අතර මෙස් පොරොන්දු කඩ කිරිම සම්බන්ධයෙන් වෘත්තිය සමිති විසින් වගකීම භාරගත යුතු බවට තෙල් සංස්තා සේවකයෝ ප්‍රකාහ කරති. සයිටම් අරගලය සම්බන්ධව ජනාදිපතිවරයා සමග රජයේ වෛද්‍ය නිධාරි සංගමය කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයද නිශ්ඵල වූ තත්වයකදී තෙල් සංස්ථා සේවකයන්ට බොරු පොරොන්දු දීම සම්බන්ධව ජනාදිපතිවරයා ලැජ්ජා වියයුතු බව සහ එම පොරොන්දු විහ්වාස කරන වෘත්තිය මිති නායකයන් වහාම වගකීමෙන් මැදිහත් වියයුතු බව ඔවුහ් පවසති.

හම්බන්තොට වරාය චීන පෞද්ගලික සමාගමක් වෙත පැවරීමට විරෝධය පළ කරමින් සමස්ත ලංකා වරාය ‍පොදු සේවක සමිතිය 28වැනිදා ක්‍රියාත්මක කිරිමට සියලු කටයුතු සූදානම් කර තිබූ වරාය සේවකයන්ගේ එක් දින වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදී. ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට්ස් හෝල්ඩින් ලිමිටඩ් අතර එක්ව හම්බන්තොට වරාය සහන ගිවිසුම 29 වෙනිදා අත්සන් තැබිමට නියමිතව තිබු අතර එම ගිවිසුම අත්සන් නොකරන ලෙසට බලකරමින් වරාය සේවකයන් වර්ජන ක්‍රියා මාර්ගයක් තීන්දු කර තිබිණ. හම්බන්තොට වරාය මෙසේ පැවරිම සමස්ත වරාය පද්ධතියට විශාල හානියක් මෙන්ම රටේ ආරක්ෂාවට දැඩි ලෙස බලපාන බවත් මෙම තත්ත්වයන් සැලකිල්ලට ලක්කරමින් මෙසේ විරෝධය පළ කරන බව ද සමස්ත ලංකා වරාය ‍පොදු සේවක සමිතිය පෙන්වා දෙයි.

මෙම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අත්සන් කිරිමට යෝජිත ගිවිසුමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තිය සමිති ගෙන ගිය අරගලයේ දි මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා විසින් 26 වැනිදා ලබා දී ඇති අතර, එහිදි අදාල ගිවිසුමේ සංශෝධනයන් සිදු කිරීමට ජනාධිපතිවරයා එකඟවීමත්, ඒඅනුව අද දිනයේ අත්සන් කිරිමට නියමිතව තිබු ගිවිසුම අත්සන් නොකරණ බවට පොරොන්දු දුන් නිසා වරාය වෘත්තිය ක්‍රියා මාර්ගය මෙසේ අත්හිටවු බව ද එම වෘත්තිය සංගමයේ ප්‍රධාන ‍ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළේය.

ගිවිසුමට ගෙන එන සංශෝධන සම්බන්ධව  සාකච්චා කිරිමට අගෝස්තු 01 වෙනිදා නැවත සාකච්ඡාවක් තෙල් වෘත්තිය සමිති වෙත ලබා දී තිබෙන බව ද ප්‍රකාශ විය. අදාල සංශෝධනයන් සඳහා ජනාධිපතිවරයා සමඟ කෙරෙන එම සාකච්ඡාව හේතුවෙන් සමස්ත ලංකා වරාය ‍පොදු සේවක සමිතියේ විරෝධතා ක්‍රියා මාර්ග ද මෙසේ තාවකාලිකව නතර කරනු ලැබු බව එම සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.