Posted on 11.17.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉන්ධන හිගය නිසා ජනතාව පෝලිම් ගැසී සිටියදී ප්‍රභූවරයකුගේ මෝටර් රියට පමණක් ඉන්ධන සැපයීමට එරෙහිව විරෝධය පළ කළ කලුතර ප්‍රදේශයේ තරුණයා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම නිසා කලුතර පොලිසියේ නිලධාරින් 8 දෙනකු මාරු කර යවා තිබේ.
ඉන්ධන අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාව පෝලිම් සැදී ඉන්ධන මිලදී ගනිද්දී පොලිස් ආරක්ෂාව සහිතව පෝලිමෙන් පිට ඉන්ධන මිලදී ගැනීමට පැමිණි ප්‍රභූවරයෙක් නිසා ඉන්ධන පිරවුම්හලක ඇතිවූ මෙම සිදුවීම පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ආන්දෝලනයක් ඇති කර තිබිණී. සාමාන්‍ය ජනතාව අපහසුවෙන් ඉන්ධන ලබාගනිද්දී ප්‍රභූවරුන්ට පමණක් විශේෂත්වයක් ලබාදිය නොහැකි බව පවසමින් එම අසාධාරණයට විරුද්ධ වුන මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බවද පසුගිය දිනවල කතා බහට ලක් විය. කෙසේ වෙතත් මෙම සිදුවීමන් පසු තමන් පොලිස් අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් තිබෙන බවත් තමන්ට විරුද්ධ යම් අයුක්ති සහගත ක්‍රියාමාර්ගයක් ගන්නා අවස්ථාවක සහාය වන ලෙසත් එම තරුණයා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි. එසේම ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ හේතුව මත කලුතර දකුණ පොලිසියේ පොලිස් නිලධාරින් 8 දෙනකු එම පොලිසියෙන් වෙනත් ස්තානවලට මාරු කරයවා තිබෙන බවද දැනගන්නට ඇත.