Posted on 07.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවට එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්ත කුමාර ප්‍රකාශ කළේය.
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාව හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම අඛණ්ඩ වැඩවර්ජනය සිදුකීරීමට ආසන්නකම හේතුව වී ඇත. ඊට අමතරව, ත්‍රිකුණාමල තෙල් ටැංකි පෞද්ගලිකකරණය කිරීම, හම්බන්තොට වරායේ තෙල් ජැටි චීන වරායට පැවරීම හා සපුගස්කන්ද තෙල් පිරිපහසු සංකීර්ණය ප්‍රතිසංස්කරණය නොකීරීම යන කරුනු සම්බන්ධව තමන් විසින් ආණ්ඩුව වෙත මින් පෙර ඉදිරිපත් කළ විරෝධතාවට නිසි පිළිතුරක් ලබා නොදීම මෙම වැඩවර්ජනයට සම්බන්ධ කරුනු ලෙස පවතින බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව වැඩවර්ජන කාලය තුළ කොලොන්නාව, මුතුරාජවෙල, සපුගස්කන්ද හා රට පුරා ඇති තෙල් ගබඩා සංකීර්ණ 09 ක තෙල් බෙදා හැරීම අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව මීට පෙර ත්‍රිකුණාමල තෙල් ටැංකි පෞද්ගලික ආයතනයකට ලබා දීම ඇතුළු ඉල්ලීම් තුනක් සම්බන්ධව විෂය භාර ඇමතිවරයා මඟින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබුණි. එසේ අගමැති සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡාවක් ලබා දෙන බව කියා සිටියද තවමත් එලෙස සාකච්ඡාවකට ආරාධනා ලැබි නොමැත. මෙම තත්වය තුළ වැඩ වර්ජනයකට යාම හැර විකල්පයක් ඉතිරිව නැති බව වෘත්තිය සමිති නායකයෝ පවසති.