Posted on 10.12.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ වර්ජනය නිසා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය නියුතු විශ්‍රාමික දුම්රිය රියැදුරන් සහ නියාමක වරුන් වහා සේවයට කැඳවීමට තීරණයකර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම පවසයි.
ඊයේ(11) පස්වරුවේ අරඹන ලද දුම්රිය රියැදුරන්ගේ හා නියාමකයන්ගේ වැඩවර්ජනය ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය තාවකාලිකව නතර කළ බව දුම්රිය රියදුරු සංගමය ප්‍රකාශ කරයි. කෙසේවෙතත් දුම්රිය රියැදුරු සහායකයන් බදවා ගැනීමේ පටිපාටිය විධිමත්කරන තෙක් තම වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ සංගමය පවසයි. අද පෙරවරුවේ විවිධ ස්ථානවල සිට අගනුවරට පැමිණි දුම්රිය කිහිපයක් දුම්රිය ධාවනාගාරවල ගාල් කිරීමෙන් පසු දුම්රිය සේවය මුළු මනින්ම අක්‍රීය වී ඇති තත්වයට පත් විය.