Posted on 07.31.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ආයතනය අහෝසි කරන ලෙසත් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙසත් ඉල්ලා සයිටම් විරෝධී සිසු-ජන ව්‍යාපාරයේ දින පහේ විරෝධතා පාගමන මේ වනවිට ආරම්භ වී ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උදෑසන 11. 00ට ආරම්භ කළ එම පාගමනට වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් සම්බන්ධ වී සිටිති. මෙම පාගමනේ ඉල්ලීම් ලෙස පහත සටන්පාඨ ඉදිරිපත් කෙරේ.
■ මර්දනය නවතනු, මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු.
■ විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු.
■ රාජ්‍ය ආයතන විකිණීම නවතනු.
■ ශ්‍රම කොල්ලය තීව්‍ර කරන ඉන්දු – ලංකා වෙළඳ ගිවිසුම එපා.