தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
ජනාධිපතිගේ කල් අදින සාකච්චා වංචාව එපා – සයිටම් විරෝධී මවුපිය උපවාසය අරඹති ! « Lanka Views | Views of the truth

ජනාධිපතිගේ කල් අදින සාකච්චා වංචාව එපා – සයිටම් විරෝධී මවුපිය උපවාසය අරඹති !



සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන තුරු මාරාන්තික උපවාසය තීන්දු කළ ආකාරයෙන් ආරම්භ කිරීමට වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් පිරිසක් මේ වනවිට තීන්දු කර ඇත.
සයිටම් අහෝසි කිරීමේ ඉල්ලීමට මේ දක්වා කිසිදු සාධාරණ ප්රකවේශයක් නැතිව අවසානයේ සයිටම් විරෝධී දෙමාපිය උපවාසය නතර කිරීමේ අරමුනින් ජනාධිපතිවරයා සකච්චාවක් ලබාදීමට කළ නිවේදනය නොසළකා මෙසේ උපවාසය ආරම්භ කිරිමට දෙමාපියන් තීරණය කර තිබේ.
බලයට පත්ව වසර දෙක හමාරක් ඉකුත්වන තුරු විවිධ වංචනික සාකච්ඡා මගින් හා විරෝධතාවලට පහරදෙමින් සයිටම් විරෝධී අරගලය මර්දනය කිරිමට ආණ්ඩුව කටයුතු කල බව දෙමාපිය සංගමයේ චෝදනාව විය.