Posted on 09.04.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසි වාරයේදී කරුණු දෙකක් මත පදනම්ව ගබ්සාව නීතිගතකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවත් එයට රජයේ අනුමැතිය නොමැති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ශ්‍රි ලංකා පරාජන්ම සංගමය විසින් යෝජනා කර ඇත්තේ දැරියක බලහත්කාරයෙන් ලිංගික අපරාධයකට ලක්වීම නිසා හට ගන්නා කළලයක් හෝ විකෘති ලෙස පිහිටි කළලයක් පමණක් ගබ්සාවකට ලක් කළ යුතු බවය. කෙසේවෙතත් මේ වනතෙක් එ් සම්බන්ධ යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් වී නැති බව අමාත්‍යවරයා පවසයි. සාමාන්‍යයෙන් එවැනි යෝජනාවක් ලැබුණු පසු එය ඉදිරි කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමු කළ යුතු බවයි.
මේ අතර නිසිදු හේතුවක් මත ගබ්සාවන්ට අවසර දෙන නීති සංශෝධන වෙනුවෙන් එකඟත්වය කිසිසේත්ම පළ නොකරන බව කතෝලික රදඟුරු සංගමය අවධාරණය කර තිබේ. එහෙත් ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ ශරිරය පිළිබද අයිතිය ඒ ඒ පුද්ගලයාගේ අභිමතය මත වියයුතු බවට මානව හිමිකම් පිළිබද විද්වතුන්ගේ අදහසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ආගමික හෝ සාමාජික හේතු විමසා බලන්නට පෙරාතුව එක් එක් පුද්ගලයාගේ නිදහස හා තීරණ ගැනීමේ අයිතිය ගරු කළ යුතු බවයි. විශේෂයෙන්ම ඔවුන් අවධාරණය කරන්නේ නීති සම්පාදනය සම්බන්ධව ආගමික සංස්ථාවන්ගේ බලපෑම්වලට අවනත වුවහොත් ජනතාවගේ ඡන්දයෙන් ව්‍යවස්ථාදායකයක් පත්කිරීමද අවශ්‍ය නොවනු ඇති බවයි.