Posted on 09.19.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකා විදුලිබල මණ්ඩලයේ වර්ජකයන් නොතකා නවක සේවකයන් සේවයට බඳවා ගැනීමට යහපාලන ආණ්ඩුව විසින් තීරණය කර තිබේ.
විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් නව සේවකයන් ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් 20(හෙට) සහ 21 පැවැත්වෙන බව අමාත්‍යංශයේ ආරංචිමාර්ග පවසයි. මේ වනවිට වැඩ වර්ජනයට දින 7ක් ගත වී තිබෙන අතර කාර්ය මණ්ඩල වැඩ වර්ජනයේ යෙදීම නිසා කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සිටින සේවකයන් සේවයට යොදවන බව විදුලි බල මණ්ඩලය පවසයි. යුද හමුදා යාන්ත්‍රික අංශය සහ විශ්‍රාමික සේවකයන් සේවයට ගැනීමට කළ උත්සාහයට වෘත්තිය සමිති විරෝධය පළ කරන ලදී. කෙසේවෙතත් විශ්‍රාමික විදුලිබල මණ්ඩල සේවකයන්ගේ සහයෝගය ලබාගැනීමටද හැකි වූ බව ද දැනගන්නට ඇත.
වැඩ වර්ජකයන්ට සාකච්ඡාවකට ආරාධනා කළද මේ වනවිට ආණ්ඩුව වර්ජකයන්ගේ පමණක් නොව අස්ථිර සේවකයන්ගේද රැකියාව අනතුරේ හෙළමින් නවක සේවකයන් බදවා ගැනීමට තීරණය කර ඇත. මෙම නවක සේවකයන් යනු පුහුණුවක් නොමැති පිරිසක් මෙන්ම බොහෝ දුරට දේශපාලන හිතවතුන්ට රැකියා ලබාදීමේ මාර්ගයක්ද වන බව නිසැකය. ඒ අනුව වත්මන් ආණ්ඩුව පැවසූ පිළිවෙත් නොතකා පෙර ආණ්ඩුවල අඩි පාරේ යමින් වැඩ වර්ජකයන් මර්දනය කිරීම මිස ගැටලුවලට විසදුම්දීමක් සිදු නොවන බව පැහැදිළිය.