தமிழ்
English
Contact
Saturday 23rd December 2017    
මාධ්‍ය නිදහස පොරොන්දු වූ පාලකයන් මාධ්‍ය පාලනයට නීති ගෙනත් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍ය නිදහස පොරොන්දු වූ පාලකයන් මාධ්‍ය පාලනයට නීති ගෙනත් !



වත්මන් ආණ්ඩුව බලයට පත් වෙද්දි දුන් දහසක් පොරොන්දු අතර එකක් ලෙස පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීමද තිබුණ නමුත් දැන් ප්‍රවෘත්ති තත්ව ස්වාධීන මණ්ඩලයක් හරහා සියලු ජනමාධ්‍ය පාලනය කිරීමේ වඩා මර්දනකාරී ආයතනයක් පිහිටුවන්නට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි.

ආණ්ඩුව විසින් ජනමාධ්‍ය පාලනයට ගෙන එන්නට නියමිත නීති සම්බන්ධව අදහස් දක්වමින් අද(18) පැවැති ජනමාධ්‍ය හමුවකදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ අදහස් ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මෙසේ කීය.

“1973 මේ මණ්ඩලය පිහිටුවන අවස්ථාවේදී ඒක ජනමාධ්‍යවේදින්ගෙ අයිතිවාසිකම් හා මූලික අයිතතිවාසිකම් උල්ලංඝනය කිීමක් ලෙස විශාල විරෝධයකට ලක් වුණා. ජනමාධ්‍යවේදින් සහ ම්‍ය සංවිධානවල විශාල විරෝධයක් මේ ආයතනයට තිබුණා.

දැන් පුවත්පත් මණ්ඩල පනත අහෝසි කරලා ඊටත් වඩා මර්දනකාරි මණ්ඩලයක් ඇතිකරන්න පනතක් ගේනවා. මින් පෙර මුද්‍රිත මාධ්‍ය පමණයි පුවත්පත් මණ්ඩලයෙන් පාලනය කළේ. දැන් මේ මණ්ඩලයෙන් පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය වගේම අන්තර්ජාල මාධ්‍ය පවා පාලනය කරන්න නීති සකස් කර තිබෙනවා.

අනෙක් කාණය පුවත්පත් ඹණ්ඩලය තිබෙන කාලෙදිත් ජනමාධ්‍ය පාලනය කරන්න නිසි බලධාරියෙක් දාලා වාරණයන් කළා. මෙම ප්‍රවෘත්ති තත්ව පනතෙන් හැමදාටම ප්‍රවෘත්ති මාධ්‍ය පාලනය කරන තත්වයක් එනවා. මේ ප්‍රවෘත්ති තත්ව ස්වාධීන මන්ඩලයට ජනමාධ්‍ය ආයතනවලට පමණක් නෙවෙයි තනි තනි ජනමාධ්‍යෙව්දියාට මැදිහත්වීමේ බලයක් ඇති වෙනවා. මින් පෙර පුවත්පත් මන්ඩලය වැනි ආයතනවලදි සිදු වුණේ ජනමාධ්‍යයක යමක් පළ කළොත් ඒක සම්බන්ධව විභා කිරීමේ ක්‍රමයක්. නමුත් මේ මන්ඩලයෙන් එක් එක් ජනමාධ්‍යෙව්දියා මත බලය පවත්වන නීති ගෙන එන්නට නියමිතයි. අපරාධ නීතිය යටතේ මාධ්‍යවේදින් මර්දනය කිරීමේ බලයක් මෙම මන්ඩලයට පවරාගෙන තිබෙනවා. මොකද දැන් ජනමාධ්‍යෙව්දින් ආයතනයක රැකියාවක් කරන්නෙ. ඒ සදහා ඔවුන්ට වැඩ කරණ ප්‍රමාණයට වැටුපක් ලැබෙනවා. නමුත් දැන් මේ පනත නිසා ජනමාධ්‍ය ආයතන වෙනුවට ජනමාධ්‍යවදින් දඩුවමට දඩයමට ලක්කරන්නට අවශ්‍ය නීති ගෙනැවිත් තිබෙනවා.

අනෙක් කාරණය මේ පනතින් ස්වාධීන කියන ආයතනයක් පිහිටුවනවා කිව්වට ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි ඒ මණ්ඩලයට ාසාමාජිකයන් පත් කරන්නෙ. නමුත් අපි දැන් දන්නවා ස්වාධීන පත්කිරීම් ගැන. ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන පත්කිරීම් කරනවා කියන්නෙ විශාල වංචාවක්. පොලිස්පතිවරයා පත්කිරීම  එක්ක පොලිස් කොමිසමේ ස්වාධිනත්වය ගැන සටහන් වුණා. ප්‍රවෘත්ති තත්ව මන්ඩලයෙන් මේ සිදුකරන්න යන්නෙ දේශපාලන බල ව්‍යාපෘතියට අවශ්‍ය පුද්ගලයන් පත්කරමින් ජනමාධ්‍ය පාලනය කිරීමටයි.




Related News