தமிழ்
English
Contact
Saturday 21st October 2017    
මත්තල ගුවන්තොටුපොළ හිමිකාරීත්වයෙන් 70% ඉන්දියාවට « Lanka Views | Views of the truth

මත්තල ගුවන්තොටුපොළ හිමිකාරීත්වයෙන් 70% ඉන්දියාවට



ඉදිරියේදී එළඹීමට නියමිත ගිවිසුම අනුව මත්තල ගුවන්තොටුපොළ හිමිකාරීත්වයෙන් 70%ක ප්‍රමාණයක් ඉන්දීයාවට හිමිවන බව හින්දු පුවත් පත පෙන්වා දී ඇත.

ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන මෙය මෙහෙවීම, කළමනාකරණය නඩත්තුව සහ සංවර්ධනය සඳහා ඉන්දීය රජය මැදිහත් වන බවත් චීන හිමිකාරීත්වයක් සහිත හම්බන්තොට වරාය සමීපයේ පැවතීම හේතුවෙන් මෙය උපක්‍රමශීලී පිවරක් ලෙස ගෙන ඇති බවත් ඉන්දීය යෝජනාවට යහපත් ප්‍රතිචාර ලංකාවේ රජයෙන් ලැබී ඇති බවත් එම පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම හවුල් ගිවිසුමට අනුව ඉන්දීය රජය විසින් ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 205ක් ආයෝජනය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 88ක් ආයෝජනය කරයි. සමස්ත ව්‍යාපෘතියෙන් 70% ප්‍රමාණයක් වසර 40කට ඉන්දියා හිමිකාරීත්වයට යටත් වන බවද සඳහන්.

කෙසේ වෙතත් ලංකාවේ උපක්‍රමශීලී වැදගත් ස්ථාන ක්‍රමක්‍රමයෙන් විදේශයන්හි හිමිකාරීත්වයට යටත් වන බව පැහැදිලිව දැකගත හැකිය.